බොලිවුඩ් සුපිරි සිනමා තරු යුවළක් වන කට්‍රිනා කායිෆ් සහ රන්බීර් කපූර් අතර පවතින බව කියන ප්‍රේම සබඳතාව තහවුරු වන තොරතුරක් ඉන්දීය මාධ්‍ය වෙත ලැබී තිබේ.
එරට මාධ්‍ය වාර්තාවල සඳහන් වන්නේ, කට්‍රිනා කායිෆ් සහ රන්බීර් කපූර් සිය මීළඟ නිවාඩුව ගත කිරීම සඳහා ශ්‍රී ලංකාව තෝරාගෙන ඇති බව ය.
මේ වන විට ඔවුන් එම සංචාරය සඳහා දැඩි ලෙස සූදානම් වන බව ද වාර්තා වී තිබේ.
පසුගිය වසරේ ඔවුන් දෙදෙනා සිය නිවාඩු ගත කිරීම සඳහා ස්පාඤ්ඤය සහ අමෙරිකාව තෝරාගත් අතර මෙවර ශ්‍රී ලංකාව තෝරාගෙන ඇතැයි තහවුරු වී ඇත.
ලබන මාර්තු මාසයේදී දින කිහිපයකට කට්‍රිනා කායිෆ් ශ්‍රී ලංකාවට පැමිණ එහිදී රන්බීර් කපූර් සමග එක්වීමට නියමිත බවට තොරතුරු හෙළිවී තිබේ.