-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More

සති අන්ත පුවත් හෝ සතියේ දිනවල නිකුත් කෙරෙන පුවත් පත්වල අවසන් පිටුවල බොහෝ විට දක්නට ඇත්තේ එය කියවන පාඨකයන්ගේ නෙත් සොරාගන්නා, විවිධ ලලනාවන් සිටිනා සම්බාහන මධ්‍යස්ථානවල වෙළද දැන්වීම්‍ ය.

බොහෝ සම්භාහන මධ්‍යස්ථාන වලට පාරිභෝගිකයන් සම්බාහන වලට ගෙන්වාගන අනතුරුව සම්බාහනය කරනා තරුණියගෙන් වෙනත් අවශ්‍යතාද පිරිමසාගත හැක. ඒ සඳහා අමතර මුදල් ගෙවිය යුතුය.

නමුත් එම වෙළද දැන්වීම් වලට ඇමතීමෙන් පහත සදහන් අයුරින් දුරකථන සංවාද වලට ඔබට ප්‍රායෝගිකව මුහුණදිය හැක.

අමතන්නා - ඔයාලා දාලා තිබුණ ඇඩ් එක බලල කතා කරන්නේ
කාන්තාව - කියන්න

අමතන්නා - ඩොක්ටර්ද කතා කරන්නේ...
කාන්තාව - ඔව් ඩොක්ටර් කතා කරන්නේ.මොනවටද ට්‍රීට්මන්ට් එක?

අමතන්නා - එහෙම විශේෂයක් නැහැ.තෙරපිස්ට්ලා කී දෙනෙක් ඉන්නවද?
කාන්තාව - අපි ගාව ගෑනු ළමයි 6 ඉන්නවා.මමත් එක්ක 7 යි.

අමතන්නා - ඉතින් ඔයා ඩොක්ටර් නේ
කාන්තාව - ඔව්.ඉතින් මම ට්‍රීට්මන්ට් එක දෙන එක නරකද?

අමතන්නා - නෑ නරක නෑ.අනෙක හොද නරක බලලනේ කියන්න වෙන්නේ.
කාන්තාව - ප්‍රශ්නයක් නැහැ.අපේ තැන ස්ලෙක්ට් කරලා ගර්ල්ස්ල ගන්න පුලුවන් (ඇය සිනා සෙයි)

අමතන්නා - ටච් කරන්න දෙනවද?
කාන්තාව - ඔයා හැමදේම ඕවර්ද ෆෝන් කරන්න හදනවනේ.ඇවිදින් බලන්න.

මෙහිදී සැබෑ ලෙසම පැහැදිලි වන්නේ වෛද්‍යවරියෙකු හෝ වෛද්‍යවරයෙකු එම මධ්‍යස්ථානයේ නොමැති බවයි. නීත්‍යානුකූලව පවත්වාගෙන යන්නේනම් එහි අනිවර්යෙන් වෛද්‍යවරයෙකු සිටිය යුතු අතර මෙහිදී බොහෝ විට සිදු වන්නේ වෛද්‍යවරයෙකු උපයෝගි කොටගෙන ලියාපදිංචිය ගෙන සම්බාහන මධ්‍යස්ථානය පවත්වාගෙන යාමයි.

දෙවෙනි ඇමතුම Home and Hotel Visiting Therapist පිළිබදවයි.

අමතන්නා - හලෝ
කාන්තාව - ඔව් කතා කරනවා

අමතන්නා - ඔය අය හොටෙල් ඇන්ඩ් හෝම් විසිට් තෙරපිස්ට්ලාද?
කාන්තාව - ඔව්.අපි කොළඹ අවට අයට ඒ පහසුකම සපයනවා

අමතන්නා - කොහොමද චාජ් කරන්නේ?
කාන්තාව - හෝම් විසිට් 5,000 යි.හොටෙල් විසිට් එක 6,000 යි.හොටෙල් නම් රූප් චාර්ජ්ස්,එතකොට එකමොඩේෂන් විසිට් කරන ගර්ල්ට දෙන්න ඕනෑ.

අමතන්නා - එතකොට එන්නේ කොහොම ගර්ල් කෙනෙක්ද?
කාන්තාව - අපි ගාව 20-25 ඉන්නවා,25-30 ඉන්නවා,30-35 ඉන්නවා.

අමතන්නා - මට නම් වයස 50 විතර.එතකොට කොයි වයසක කෙනාද එවන්නේ?
කාන්තාව - එක සර්ගේ චොයිස් එක

අමතන්නා - එහෙම නම් 20-25 හොදයි.
කාන්තාව - ඕ.කේ සර් මට එඩ්රස් එක දෙන්න. ගර්ල් එක්ක එන කෙනාට පේ කරන්න.

අමතන්නා - මේ හලෝ
කාන්තාව - ඔව් සර්

අමතන්නා - මේ..මේ... එතකොට මේ...
කාන්තාව - නෑ කිසි ප්‍රශ්නයක් නැහැ.හැමදේම සර්ට එන ගර්ල් එක්ක කතා කරල විසදගන්න පුලුවන්.සර් බලන්නකෝ

අමතන්නා - නෑ..ඉතින් තරුණ ළමයෙක් වෙන්න ඇතිනේ.
කාන්තාව - කිසි ප්‍රශ්නයක් නෑ සර්.මම ගර්ල්ට කියන්නම් කෙළින්ම කතා කරන්න කියලා.සර් එයා කියන ගාණ පේ කරන්න.

අමතන්නා - ඒ කියන්නේ 5,000 ට අමතරවද?
කාන්තාව - 5,000 සර් ට්‍රීට්මන්ට් වලටනේ. අනෙක් ඒවා ගර්ල් එක්ක කතා කරගන්න.

මේ වන විට පුවත්පත් ද ගණිකා වෘත්තීය සදහා වෙළද දැන්වීම් දමන ස්ථානයක් වී හමාරය.එම දැන්වීම් දමා තිබෙන බහුතරයක් ස්ථාන, සම්බාහන මධ්‍යස්ථාන වලට මුවාවී කරන ගණිකා මධ්‍යස්ථාන වේ. ඉහත දක්වා ඇති නිවසට හෝ හොටල් කාමරයකට පැමිණ කරන සම්බාහන ගණිකා වෘත්තියේ එක් පැතිකඩක් පමණි.

මේ වන විට ගණිකා නිවාස වටලා යන විට ගණිකා වෘත්තිය සම්බාහන මධ්‍යස්ථාන සේ වෙස් වලා පැමිණීමෙන් නැවතත් ගණිකාවන්ට දොර විවෘත වන තවත් එක් පැත්තකි.


33000 news

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos