බූරු ගසමින් සිටි පිරිමින් පස් දෙනෙකුගේ කණ්ඩායමක් පොලිස් සැරයන්වරියක දැක පැන දුවද්දී ඔවුන් පසුපස හඹා ගොස් ඉන් දෙදෙනෙකු අල්ලාගෙන ඇය විසින් අත්අඩංගුවට ගෙන ඇතැයි වැලිගම පොලීසිය කියයි.
අවුරුදු 29ක විවාහකයෙකු සහ අවුරුදු 30ක අවිවාහකයෙකු මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ වැලිගම පොලීසියේ ප‍්‍රජා පොලිස් ඒකකයේ කාන්තා පොලිස් සැරයන් ටී.ජී.ඞී. කල්‍යාණි (1187) මෙනවිය විසිනි.
වැලිගම හෙට්ටිවීදිය ප‍්‍රදේශයේ දුම්රිය හරස් මාර්ගවල සවි කර ඇති ගේට්ටු පරීක්‍ෂා කරමින් ඇය යන විට දුම්රිය මාර්ගය අසල කැලෑ රොදක්තුළ පිරිසක් මුදල් ඔට්ටුවට සූදු සෙල්ලම් කරමින් සිටින බවට තොරතුරක් ඇයට ලැබී ඇත.
ඇය ඒ බව වැලිගම මූලස්ථාන පොලිස් පරීක්ෂක භද්‍රජි ද එස්. කාලිංග මහතාට දන්වා උපදෙස් ලබා ගැනීමත් සමගම ඇය දුටු සූදු සෙල්ලම් කරමින් සිටි පුද්ගලයන් පස් දෙනෙකු පැන දුවන්නට පටන් ගෙන ඇත.
ඇය වහාම ක‍්‍රියාත්මකව ඔවුන් පසුපස හඔා ගොස් ඉන් දෙදෙනකු අල්ලා අත්අඩංගුවට ගෙන ඇත.