-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More


අධ්‍යාපන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා තම පුත්‍රයාට පැරණි දිනයකට රියදුරු බලපත්‍රයක් ලබාගැනීමට ඊයේ (21) වේරහැර කාර්යාලයේ ප්‍රධානී මෝටර් රථ ප්‍රවාහන නියෝජ්‍ය කොමසාරිස් වරයාගෙන් ඉල්ලීමක් කර ඇතැයි වාර්තා වේ.
එම ඉල්ලීමෙන් පසුව නියෝජ්‍ය කොමසාරිස් බන්දු කීර්ති මහතා රිදුරු බලපත්‍ර නිකුත් කිරීමේ සාමාන්‍ය ක්‍රියා පටිපාටි‍ය සම්බන්ධයෙන් ඇමතිවරයාට අවබෝදයක් ලබාදී ඇතැයි පැවසේ.
කෙසේවුවද පසුව ඇමතිවරයා දිගින් දිගටම වහාම රියදුරු බලපත්‍රයක් ලබාදෙන ලෙස ඉල්ලමින් කොමසාරිස්වරයාට බලපෑම් කර ඇතැති බවද වාර්තා වේ.
ඇමතිවරයාගේ බලපෑම දිගින් දිගටම එල්ලවීම නිසා එදින රාජකාරිකරීමට නොහැකිවූ කොමසාරිස්වරයා තම දුරකථනයද විසන්ධි කර දමා නිවාඩු ලබාගෙන ඇතිබවද පැවසේ.
මේ සිද්ධිය හේතුවෙන් ඔහුගේ රැකියාවද අනුතුරට ලක්ව ඇති බවද පැවසේ.
පසුගිය 20 වැනිදා අමාත්‍ය පුත්‍රයා පදවාගෙන ගිය මෝටර් රථය මාතර ගන්දර ප්‍රදේශයේදී අනතුරට ලක්ව තිබිනි.
කහඉර මතදී සිදුවූ මේ අනතුරෙන් තුවාල ලැබූ පුද්ගලයා මේවන විට මිය ගොස් තිබේ.
අනතුර සිදුවූ අවස්ථාවේදී අත්අඩංගුවට ගත් ඇමති පුත්‍රයා අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රුපියල් දෙලක්ෂයක ශරීර ඇපයක් මත මුදාහැරිනි.
ඇමති පුත්‍රයාට රිය පැදවීමට අවශ්‍ය රියදුරු බලපත්‍රයක් නොතිබූ බවද පැවසේ.

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos