-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More

කුඩා දරුවන්ගේ වීරකී‍්‍රයා නැරඹීමට අප කවුරුත් දැඩි ඇල්මක් දක්වනවා. උදාහරණයක් වශයෙන් හෝම් එලෝන් චිත‍්‍රපටය අද වන විට නොරැඹූ කෙනෙක් නැති තරම් වාගේ. එම චිත‍්‍රපටයේ සිටින පුංචි වීරයාගේ වීරකි‍්‍රයා අප බලන්නේ ඉතා ආශාවෙන්. නමුත් එම කුඩා දරුවා එහිදී සිදුකරන්නේ රංගනයක් පමණයි. නමුත් අප දැන් ඔබට කියන්නේ යන්නේ සැබෑ ජීවිතයේදි කුඩා දරුවෙකු කළ වීර කි‍්‍රයාවක් පිළිබඳවයි. 

ඊට කලින් ඔබට තවත් දෙයක් කියන්න  ඕනි.... 

සිරියාව යනු යුධ ගැටුම් අතින් බහුලව පවතින දේශයක් බවට මේ වන විට පත්ව අවසන්. මේ හේතුවෙන් එම දේශයේ සිටින ජනතාව මේ වන විට වෙනත් රටවල් කරා යනවා. අප දැන් ඔබට කියන්න යන පුංචි වීරයාගේ මව පියා ඇතුළුව පවුලේ උදවිය ද සිරියාවේ පදිංචිකරුවන් වන අතර ඔවුන්ට යුධ ගැටුම් හේතුවෙන් රට හැරදමා යෑමට සිදුව තිබෙනවා. මෙලෙස යන ගමනේ ඔවුන්ට ඔවුන්ගේ කුඩා පුතා මගහැරෙනවා. ඒ සිරියානු දේශසීමාව තුළදීමයි. 

නමුත් එම පවුලේ උදවියට නම් මෙම පුංචි පුතාව පිළිබඳව කිසිදු මතකයක් නැහැ. ගැටුම් සහිත දේශසීමාව පැන ගැනීමට තිබෙන උනන්දුව හේතුවෙන් ඔවුන්ට පුංචි පුතාව ද අමතක වනවා. 

මේ ආකාරයෙන් එම පුංචි වීරයාට ද ඔහුගේ පවුලේ උදවිය මගහැරෙනවා. නමුත් මෙම පුංචි වීරයා සිරියානු දේශ සීමාවේ සිට කිලෝමීටර් 200ක දුර කතරක් ගෙවා ජෝර්දානයට පැමිණෙන්නේ නන්නාඳුනන පිරිසක් සමගයි. දින ගණනක් තනිව කාත් කවුරුවත් නොදන්නා තවත් දේශසීමාවකට පයින් ඇවිද පැමිණෙන මෙම පුංචි වීරයා තම පවුලේ සාමාජිකයින් ජෝර්දානයේ සිටිනවා යැයි කියන විශ්වාසය සිතේ තබාගෙන තනිව මෙම ගමනාන්තය නිමා කරනවා. 

එම අවස්ථාව වන විට එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සාමාජිකයින් මෙම පුංචි වීරයාව හඳුනාගෙන ඔහුව ඔවුන්ගේ රැකවරණයට ගනු ලබනවා. අනතුරුව එම සංවිධානයේ සාමාජිකයින් විසින් මේ පුංචි වීරයාගේ මව පියා ඇතුළුව පවුලේ උදවිය කරා රැගෙන ගොස් ඔවුන්ට භාර දී තිබෙනවා. 

පුංචි දරුවෙකු වූවත් තම අරමුණ ඉටු කර ගැනීම ඔහුගේ එකම බලාපොරොත්තුව වුණා, මේ සත්‍ය සිදුවීම තුළ අපට ද ඉගෙන ගැනීමට විශාල කරුණක් තිබෙනවා......

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos