-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More


ලොව සියලු ජනතාවට නොමිලේ ඉන්ටර්නෙට් පහසුකම් ලබා දීමට අමෙරිකානු සමාගමක් සූදානම් වේ.
එය, Internet යන්නෙහි විරුද්ධ පදය ලෙස Outernet නමින් හඳුන්වා දී තිබේ.
මාධ්‍ය සංවර්ධනය සඳහා වන ආයෝජන අරමුදල ‍හෙවත් Media Development Investment Fund (MDIF) නමැති ආයතනය මේ සඳහා ප්‍රමුඛත්වය ගෙන ක්‍රියා කරයි.
මෙහිදී දේශ සීමාවකින් තොරව, කිසිදු වාරණයකින් තොරව ලොව සෑම පුද්ගලයෙකුට ම ඉන්ටර්නෙට් තුළට ප්‍රවේශ වීමට අවස්ථාව සැලසීම ප්‍රධාන අරමුණ ය.
මාධ්‍ය සංවර්ධනය සඳහා වන ආයෝජන අරමුදල පවසන්නේ, ලෝක ජනගහනයෙන් 40%ක ප්‍රතිශතයකට තවමත් ඉන්ටර්නෙට් ප්‍රවේශ පහසුකම් නොමැති බව ය.
එම පහසුකම් නොලබන ප්‍රතිශතයෙන් වැඩි ප්‍රමාණයක් උතුරු කොරියාව වැනි ඉන්ටර්නෙට් වාරණය කළ රටවල ජනතාව බව අනාවරණය වී තිබේ.
ඊට අමතරව, ඈත ප්‍රදේශවලට ඉන්ටර්නෙට් පහසුකම් සැලසීම අධික වියදම් සහිත ක්‍රියාවලියක් වීම ද ‍ඊට හේතු වී ඇත.
නව ක්‍රමය මගින් චන්ද්‍රිකා තාක්ෂණය ඔස්සේ ඉන්ටර්නෙට් පහසුකම් සැලසීම වියදම් අවම ක්‍රමයක් වන බව තාක්ෂණවේදීහු පෙන්වා දෙති.

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos