අනියම් සම්බන්ධතාවක් පැවැත්වූයේ යයි පකිස්ථාන යුවළක් ගල් ගසා මරා දමා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
පකිස්ථානයේ බැලුචිස්ථාන් පළාතෙන් මෙම සිද්ධිය වාර්තා වන අතර අදාළ යුවළ වෙනත් පුද්ගලයින් සමග විවාහ වී සිටි 30 හැවිරිදි වියේ පසුවූවන් බව පළාත් අමාත්‍ය සෆ්රාස් භූටි පවසයි.
කෙසේ වෙතත් මෙම ඝාතනය සම්බන්ධයෙන් අදාළ කාන්තාවගේ පියා, ඇගේ සොහොයුරා, ඝාතනයට ලක්වූ පුද්ගලයාගේ පියා සහ ඥාතියෙකු ඇතුළු 6 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර පූජකවරයෙකු ද පිරිස අතර වෙයි.