-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More

සිගරැට්‌ පැකට්‌ මත රූපමය අවවාදයන් මුද්‍රණය කිරීමේ නියෝගය ඇතුළත් දුම්කොළ හා මද්‍යසාර පිළිබඳ ජාතික අධිකාරිය පනතට අදාළ අති විශේෂ ගැසට්‌ පත්‍රය හෙට (19 දා) පාර්ලිමේන්තුවේදී විවාදයට ගැනේ.

දුම්කොළ නිෂ්පාදන (ලේබල් කිරීමේ සහ ඇසුරුම් කිරීමේ) නියෝගය ලෙස හඳුන්වන මෙම ගැසට්‌ පත්‍රය මගින් දුම්කොළ නිෂ්පාදනයන් (සිගරට්‌) සඳහා නීති රැසක්‌ පනවා තිබේ.

මෙම ගැසට්‌ පත්‍රයට අනුව සිගරට්‌ භාවිතය මගින් පිටවන දුමාරය නිසා සෞඛ්‍යයට සිදුවන බලපෑම් හා උපද්‍රව පිළිබඳ අසත්‍ය, නොමග යවන සුළු හා රැවටිලි සහගත පණිවුඩ සිගරට්‌ අඩංගු කිසිදු පැකැට්‌ටුවක හෝ පාර්සලයක ප්‍රදර්ශනය නොකළ යුතුය.

එමෙන්ම "අඩු", "සැරනැති", "අධික සැරනැති" මෘදු හෝ "අමතර" යන වචන අඩංගු විස්‌තර, වෙළෙඳ ලකුණු හෝ රූප සිගරට්‌ අඩංගු පැකැට්‌ටුවල අඩංගු නොවිය යුතුය.

එමෙන්ම ගැසට්‌ පත්‍රයේ දක්‌වා ඇති රූපමය සෞඛ්‍ය අවවාදයන් අතරින් එකක්‌ සිගරට්‌ අඩංගු සෑම පැකැට්‌ටුවකම හෝ පාර්සලයකම දෙපැත්තේම මුද්‍රණය කළ යුතුය. එය සිගරට්‌ පැකැට්‌ටුවේ ඉඩ ප්‍රමාණයෙන් සියයට අසූවකට වඩා අඩු නොවන ලෙස දෙපැත්තේම මුද්‍රණය විය යුතුය.

එමෙන්ම සෑම සිගරට්‌ පැකැට්‌ටුවකම ඒ තුළ ඇති සිගරට්‌වල අඩංගු නිකොටින්, තාර, ෙµdaමල්ඩිහයිඩ් හා අනෙකුත් විෂ ද්‍රව්‍ය ඇතුළු එහි සංඝටක සහ විමෝචන පිළිබඳ අදාළ විස්‌තර අඩංගු කළ යුතුයි.

එමෙන්ම සෑම සිගරැට්‌ පැකැට්‌ටුවකම අදාළ නිෂ්පාදනයේ නිෂ්පාදිත දිනය, මාසය හා වර්ෂය සඳහන් කළ යුතු අතර රූපමය සෞඛ්‍ය අවවාදයන් වෙනත් සලකුණු හෝ පින්තූර මගින් සැඟවීම නොකළ යුතුය. කලු පසුබිමේ සුදු අකුරින් හෝ සුදු පසුබිමේ කලු අකුරින් භාෂා තුනෙන්ම මෙම අවවාද මුද්‍රණය කළ යුතු අතර ගැසට්‌ නිවේදනයේ දක්‌වා ඇති රූපමය සෞඛ්‍ය අවවාද ප්‍රභේද අතරින් එකක්‌ පමණක්‌ මුද්‍රණය කිරීමට විවිධ වෙළෙඳනාම යටතේ සිගරැට්‌ නිපදවන නිෂ්පාදකයන් වග බලා ගත යුතුය. මෙම රූපමය සෞඛ්‍ය අවවාද සෑම මාස හයකට වරක්‌ම මාරු කිරීමද කළ යුතුය.

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos