-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More



යතුරු ලියනය කරන මුරපද  හෙවත් රහස් පද වෙනුවට ශබ්ද නැගෙන මුරවචන භාවිතය ආරම්භ කිරීමට ගූගල් සමාගම උත්සාහයක යෙදී ඇතැයි විදෙස් වාර්තාවල දැක්වේ.
ඊශ‍්‍රායෙල සමාගමක් වන ‘‘ස්ටික්ලොගින්‘‘ මෙම ක‍්‍රමය භාවිතය ලොවට මුලින්ම හදුන්වාදුන්  අතර පසුගියදා ගූගල් සමාගම තම සමාගම් ජාලයට එම සමාගම එක් කර ගැනීමත් සමග මේ උත්සාහය ආරම්භ කර ඇත.
සිටික්ලොගින් සමාගමේ පද්දතියට අනුව මිනිස් කණට නොඇසෙන එහෙත් පරිගණකයේ හෝ ජංගම දුරකථනයේ හෝ වන මයික‍්‍රපෝනයකින් හදුනාගත හැකි ශබ්ද තරංගයක් අනුව පරිගණක අගුල් ලෑම හෝ විවෘත කිරීමේ හැකියාව පවතී.
එක් පුද්ගලයෙකු භාවිතා කරන ශබ්ද තරංගය වෙනත් පුද්ගලයෙකු භාවිතා කරන ශබ්ද තරංගයකින් වෙනස් වන අතර මෙනිසා මුර පද වලට වඩා මෙහි ආරක්ෂාව ඉහල බවද පැවසේ.
ගූගල් සමාගම මේ පද්දතිය තවදුරටත් දියුණු කර සමාජ වෙබ් අඩවි ගිණුම්, විද්‍යුත් තැපැල් ගිණුම් ආදියටත් භාවිතා කළ හැකි වන සේ හදුන්වාදෙනු ඇතැයි විශ්වාස කෙරේ.
ගූගල් සමාගම දැනටමත් පෞද්ගලික තොරතුරු ආරක්ෂණය කළ හැකි ක‍්‍රම රැසක් හදුන්වාදී තිබෙන අතර ජංගම දුරකථන සදහා හදුන්වාදුන් භාවිතාකරන්නාගේ රූපය හදුනාගෙන අගුලූ විවර කිරීමේ ක‍්‍රමවේදය ඒ අතරින් නවතම හඳුන්වාදීම වේ.

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos