-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More


රුපියල් පන්දහසේ ව්‍යාජ මුදල් නෝට්ටුවකින් බීර බෝතලයක් මිලදී ගැනිමට යාමේදී අත්අඩංගුවට ගැනුණු සරසවි සිසුවාගේ නිවසේ තිබී ව්‍යාජ මුදල් නොට්ටු මුද්‍රණයට භාවිතා කරන උපකරන කිහිපයක් අද සොයා ගෙන ඇත.
කලවාන ප‍්‍රදේශයේ ඔහුගේ නිවසේ තිබී පරිඝනකයක් සහ මුද්‍රනයට භාවිතා කරන පි‍්‍රන්ටරයක් සොයා ගෙන ඇත්තේ, ඒ විශ්ව විද්‍යාල සිසුවාගේ ප‍්‍රශ්න කිරීම් වලින් ලැබුණු තොරතුරු අනුවය. එහි වටිනාකම රුපියල් 17,000ක් බව කියැවේ.
සිසුවා විසින් ව්‍යාජ මුදල් මුද්‍රනයට සූදානම්ව අත්හදා බැලීම් සිදු කර ඇති බව පරීක්ෂණවලදී හෙලිවී තිබේ.
ව්‍යාජ මුදල් මාරු කිරීමට යාමේදී බලංගොඩ රට බීමහලක ගොස් ඇති අතර එහි කළමණාකරු හට මෙම නෝට්ටු පිළිබඳ සැක සිතී පොලීසිය දන්වා ඇත.
සැකකරු විසින් පළමුවරට මාරු කිරීමට උත්සහ ගත් අවස්ථාවදී මෙලෙස හසු වී ඇතැයි වැඩි දුර පරික්ෂණවලදී හෙලිවී තිබේ. ඔහු ව්‍යාජ මුදල් නෝට්ටු මුද්‍රණය අරඹා ගතව ඇත්තේ දින කිහිපයක් බවද පැවසෙයි.
මෙලෙස අත්අඩංගුවට ගැනුන 23 හැවිරිදි සරසවි සිසුවා කලවාන ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
ඔහු සබරගමුව විශ්ව විද්‍යාලයේ ප‍්‍රථම වසරේ සිසුවෙකි.

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos