හබරාදූව තල්පේ ප‍්‍රදේශයේ සංචාරක හෝටලයක නවාතැන්ගෙන සිටි බි‍්‍රතාන්‍ය ජාතික කාන්තාවක් සතුව තිබූ රුපියල් 2 90 690ක් වටිනා දේපල් සොරකම් කොට ඇතැයි ඇය පොලීසිය පැමිණිලි කොට තිබේ.
පසුගිය 22 වැනිදා මෙම සොරකම සිදු වී ඇත. ඇය සතුව තිබූ බ්ලැක්බෙරි වර්ගයේ දුරකථනයක්, කැමරාවක්, අත්ඔරලෝසුවක් හා රන්භාණ්ඩ කිහිපයක් සොරකම් කර ඇතැයි ඇය කළ පැමිණිල්ලේ සඳහන් ය. සිද්ධිය සම්බන්ධයෙන් හබරාදූව පොලීසිය වැඩිදුර පරීක්ෂණ කටයුතු මෙහෙයවයි.