සුව කළ නොහැකි රෝග වලින් පීඩා විඳින රෝගීන්ට වෛද්‍යවරයෙකුගේ සහාය ඇතිව සිය දිවි නිමා කර ගැනීම සඳහා උසාවි අවසරය පැතීමට රටවල් තුනක් ඉඩ දී තිබේ.
ඒ නෙදර්ලන්තය, ලක්සම්බර්ග් සහ බෙල්ජියමයි.
ඒ අතරින් බෙල්ජියම තවත් පියවරක් ඉදිරියට තබමින් වැඩිහිටි රෝගීන්ට පමණක් සීමා වූ මෙම අයිතිය ළමුන්ටද ලබා දීමට කටයුතු කරමින් සිටියි.