-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More

සිරියානු ටක්ෆිරි කැරලිකරුවන් විසින් ප‍්‍රසිද්ධියේ දැරියක් ඝාතනය කරන බිහිසුණු වීඩියෝවක් පළකර ඇතැයි වාර්තා වේ.  තම ප‍්‍රතිපත්ති පිළිනොගැනීමේ වරදට එම දැරිය ලෝහ කම්බියකින් සිරකර ඝාතනය කර තිබේ.

මේ මස මුල හෝම්ස් නගරයේදී තවත් පුද්ගලයකු හිසගසා මරා දමන වීඩියෝවක් පළවූ අතර එය නිකුත් කළ සිරියානු මානව හිමිකම් පිළිබඳ තිරීක්ෂණායතනය පවසා ඇත්තේ ඉරාක ඉස්ලාමීය රාජ්‍යය සහ ලෙවන්ට් නම කැරලි කණ්ඩායම් විසින් මෙය සිදුකර ඇති බවයි.

ඝාතනයවූ පුද්ගලයා රජයට සහය දක්වන ෂියා නිකායිකයකු බව පැවසේ.  2011දී ඇරඹී සිරියානු අර්බුදය තුළ විදෙස් ආධාර ලබන කැරලිකරුවන් විසින් සිරියානු ජනතාවට එරෙහිව සිදුකරන සාහසික අපරාධ දක්වන වීඩියෝ ගණනාවක් අන්තර්ජාලයේ ව්‍යාප්ත විය.

පසුගිය ජනවාරි 26දා ප‍්‍රසිද්ධියට පත්කළ වීඩියෝවකින් ලෙවන්ට් කැරලිකරුවන් විසින් ඝාතනය කළ අලෙප්පෝ වැසියන් දැක්විනි.

මින් පෙර පසුගිය වසරේ මැයි 12දින පළවූ වීඩියෝවකින් කාලිඞ් අල් හමාඞ් හෙවත් අබු සකාර් විසින් සිරියානු සෙබළෙකුගේ හදවත ආහාරයට ගන්නා දසුන් දැක්වුණු අතර ජුලි මසදී ඔහු බීබීසී සමග කළ සම්මුඛ සාකච්ඡවකදී පවසා ඇත්තේ විදෙස් ආධාර දිගටම නොලැබේ නම් එවැනි අපරාධ තවදුරටත් සිදුකරන බවයි.

වීඩියෝව මෙතනින්

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos