-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More


ලොව පුරා අතිජනප්‍රිය මෝටර් රථයක් වන ප්‍රියස් හයිබ්‍රිඩ් රථ මිලියන 1.9ක් යළි කැඳවීමට ටොයොටා සමාගම තීරණය කර තිබේ.
මෘදුකාංග දෝෂයක් හේතුවෙන් මෙම යළි කැඳවීම සිදුකරන බවත්, මෙම දෝෂය හේතුවෙන් හදිසියේම වාහනයේ ධාවන වේගය අඩුවිය හැකි බවත් විදෙස් වාර්තා වල දැක්වේ.
ලෝකයේ විශාලතම මෝටර් රථ නිෂ්පාදක සමාගම වන ටොයොටා සමාගම පවසන්නේ මෙම දෝෂය සම්බන්ධයෙන් පැමිණිලි 400කට වැඩි ප්‍රමාණයක් ලැබී ඇති බවත්, ඉන් වැඩි ප්‍රමාණයක් වාර්තා වන්නේ ජපානයෙන් හා උතුරු ඇමෙරිකාවෙන් බවත්ය.
කෙසේ වෙතත්, මෙම දෝෂය හේතුවෙන් රථවාහන අනතුරු හෝ තුවාල සිදුවීම් සම්බන්ධව වාර්තා වී නොමැති බවද ටොයොටා සමාගම වැඩිදුරටත් පවසයි.
විවිධ දෝෂ හේතුවෙන් ටොයොටා සමාගම විසින් පසුගිය කාලය පුරාවටම මෙවැනි යළි කැඳවීම් කිහිපයක් ම සිදුකර ඇති බවත්, මේ හේතුවෙන් එම සමාගමේ කීර්තියට බලවත් පහරක් එල්ල වී ඇති බවත් විදෙස් වාර්තා වල වැඩිදුරටත් සඳහන් වේ.

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos