හෙරොයින් සිද්ධියක් සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගතව සිටින වැල්ලම්පිටිය පොලිස් ස්ථානාධිපතිවරයා කලක පටන් මෙම ජාවාරම සිදුකර ඇති බවට කොළඹ අපරාධ කොට්ඨාස නිලධාරීන් විසින් අධිකරණයට අද වාර්තා කරන ලදී.
ඔහුට හෙරොයින් සපයනු ලබන්නේ වෙනත් පුද්ගලයකු විසින් තොග වශයෙන් බව හෙළිවී ඇතැයි ද අධිකරණයේදී කරුණු දැක්විය.
මෙම සිද්ධියට අදාළ නඩුව අද කොළඹ අතිරේක මහේස්ත‍්‍රාත් නිරෝෂා ප‍්‍රනාන්දු මහත්මිය හමුවේ අද කැඳවූ අවස්ථාවේදී අදාළ කරුණු අනාවරණවය විය.