ගිය වසරේ දෙසැම්බර් මාසය තුළ පමණක් තී‍්‍ර රෝද රථ සොරකම් 27 ක් සහ යතුරුපැදි සොරකම් 87 ක් වාර්තා වී ඇති බව පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක කාර්යාලය පවසනවා. විශේෂයෙන් සංගීත සංදර්ශන සහ සතිපොළ ආදියෙහි තී‍්‍ර රෝද රථ සහ යතුරුපැදි නවතා ගිය අවස්ථාවල මෙලෙස සොරකම් කිරීම් සිදුව ඇති බව සඳහන්. මෙම සොරකම් වළක්වා ගැනීම සඳහා පසුගිය 06 වැනිදා ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ගාමිණී නවරත්න විසින් විශේෂ උපදෙස් මාලාවක් දිවයිනේ සියලූම පොලිස් ස්ථාන වෙත ලබාදී තිබෙනවා. ඒ අනුව යතුරුපැදි හෝ තී‍්‍ර රෝද රථ ගාල් කිරීමේදී ඒ සඳහා වෙන්වුණු ආරක්ෂිත ස්ථානවල පමණක් ගාල් කරන කර තබන ලෙසයි පොලිසිය ඉල්ලා සිටින්නේ.