-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More

වලස්මුල්ල, පැලගාව, මොරකන්දෙගොඩ ප‍්‍රදේශයේ පදිංචිව 2002 වර්ෂයේ එවකට වයස අවුරුදු 60ක් පමණ වූ විදාන ගමගේ හෙන්ද්‍රික් යන අය අතුරුදහන්වීම සම්බන්ධයෙන් වලස්මුල්ල පොලිසියට ලද පැමිණිල්ලක් මත කරන ලද දීර්ඝ විමර්ශනයකින් අනතුරුව ඔහු ඝාතනය කර ඇති බවට තොරතුරු අනාවරණය වී ඇතැයි පොලීසිය පවසයි. මරණය සම්බන්ධයෙන් ඔහුගේ බිරිඳ පොලිස් අත්අඩංගුවට ගෙන ඇත.
වලස්මුල්ල පොලිස් ස්ථානයේ නිලධාරීන් හා තංගල්ල කොට්ඨාශ අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් එක්ව මෙම විමර්ශනය කර තිබේ.

මෙම මනුෂ්‍ය ඝාතනය සම්බන්ධයෙන් පොකුණහේන, වලස්මුල්ල ලිපිනයේ පදිංචි පුද්ගලයකු අත්අඩංගුවට ගෙන ඇත. ඔහුගෙන් ප‍්‍රශ්න කිරීමේදී මරණකරුගේ බිරිද හා තවත් පුද්ගලයන් කිහිපදෙනෙකු විසින් මරණකරු පදිංචිව සිටි නිවසේදීම ඔහුව ඝාතනය කර පොහොර උරයක දමා නිවස පිටුපස තිබූ වලකට දමා වසා දමා ඇති බව ප‍්‍රකාශ කර තිබේ.

ඒ අනුව ඝාතනයට ලක්වූ පුද්ගලයාගේ බිරිද වලස්මුල්ල පොලිස් ස්ථානයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත. අපරාධ ස්ථානය හදුනා ගැනීමෙන් පසුව එම ස්ථානයට පොලිස් ආරක්‍ෂාව යොදවා තිබේ. මේ සම්බන්ධව වලස්මුල්ල මහේස්ත‍්‍රාත්වරයා විසින් අද දින මහේස්ත‍්‍රාත් පරීක්‍ෂණය සිදු කිරීමට නියමිතයි. වලස්මුල්ල පොලිසිය වැඩිදුර විමර්ශන පවත්වා ගෙන යනු ලබයි.

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos