-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More


• දේශපාලනයට බැස්සෙ සල්ලිවලට කරන්න දෙයක් නැති නිසාද? නැත්නම් තව තවත් හම්බ කරන්න පුළුවන් නිසාද?
සල්ලිවලට කරන්න දෙයක් නැති නිසාත් නෙවෙයි. තව තවත් හම්බ කරන්න ඕන නිසාත් නෙවෙයි. මගේ තාත්තා ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයෙන් දේශපාලනය කරපු කෙනෙක්. මං ඉපදුණේ කොළඹ. මට ආරාධනාවක් ආවා කැමැති නැද්ද පළාත් සභාවට තරග කරන්න කියලා. මීට කලිනුත් ඔය ආරාධනාවම ආවා. ඒත් මං පිළිගත්තෙ නෑ එච්චර දේශපාලන දැනුමක් නැති නිසා.

• ඒ දැනීම දැන් තියෙනවද?
මම කලා කටයුතුවල නිරත වෙලා දැනට අවුරුදු 20ක් විතර ගතවෙලා. යම්කිසි වයසකනේ මං දැන් ඉන්නේ. මවක්, බිරියක් විදියට දේශපාලනයෙන් ජනතාවට සේවය කරන්න පුළුවන් කියලා මං දැන් දන්නවා. අනිත් එක තමයි මොන තරම් දේශපාලන දැනීමක් තිබුණත් වැඩක් නෑ ජනතාවට සේවයක් වෙන්නෙ නැත්නම්.

• ඔබව දේශපාලනයට ගේන වුවමනාව පිටිපස්සෙ කවුද ඉන්නෙ?
ගරු ආර්. දුමින්ද සිල්වා මැතිතුමා. හොඳ නායකත්වයක් තියෙන කෙනෙක්. කොළඹ දිස්ත්‍රික්කයට ලොකු සංවර්ධනයක් කරන කෙනෙක්. වැඩ කරන කෙනෙක්. ඒ නිසා මං ඒ යෝජනාවට කැමැති වුණා.

• ඔයාට ඒ ආරාධනාව ආවේ නාමල්ගේ ජනප්‍රියත්වය අඩු වෙලාද?
නෑ. නෑ. නාමල්ට වඩා ජනප්‍රිය වෙන්න නම් මට කොහෙත්ම බෑ.

• එහෙනම් ඇයි ඔහු ඉදිරිපත් නොවී ඔබ ඉදිරිපත් වෙන්නෙ?
එයා කියන්නේ එයාට මේ කැපවීම කරන්න බෑ කියලා.

• ඔබ ඒ කැපවීම කරලා දේශපාලනයට එන්නේ ඇත්තටම ජනතාවට සේවය කරන්නද?
ඔව්. ළමා අපචාර ගැන බලන්න වගේම ජනතාවට සේවය කරන්න ඕන නිසා. ඒ වගේම අද රජයේ ආයතනවලට ගියාම වැඩ කරගන්න හරිම අමාරුයි. ඒ වගෙ තැන්වලට ගියාම මම වුණත් හොඳටම කලකිරිලා එන්නෙ. මට ඒ වෙලාවට හිතෙනවා මේගොල්ලා ඇයි මෙහෙම කරන්නෙ කියලා. අපිට මේ තනතුරු හම්බවුණොත් වැඩ කරන හැටි පෙන්නවා කියලා ඇත්තටම මං ජයග්‍රහණය කළොත් කලාවෙනුත් අෑත්වෙලා ජනතා සේවය වෙනුවෙන්ම කැපවෙනවා. ඒක ස්ථිරයි.

• රුවන්ති වගේ ළඳ බොළඳ කෙනකුට දේශපාලනය ගැළපෙනවා කියලා හිතනවද?
නෑ. මං හිතන්නේ කලාකරුවෝ තමයි දේශපාලනයට සුදුසුම අය. ඔවුන් තමයි ජනතාව එක්ක නිතර ගැවසෙන්නෙ. කතා කරන්නේ. පැල්පතේ ඉඳන් මන්දිරවල ඉන්න අය දක්වා චරිත අපි නිරූපණය කරනවනේ.

• මිනිසුන්ගේ සැබෑ ජීවිතේ ප්‍රශ්න එක්ක ගනුදෙනු කරන එක තිරයේ රඟපාන එක තරම් ලේසි වැඩක් කියලාද හිතන් ඉන්නේ?
නෑ. මං කොයිම වෙලාවකවත් බොරු පොරොන්දු දෙන්නෙ නෑනේ. යම්කිසි විදියකට මට මේ ඡන්දෙන් දිනන්න පුළුවන් වුණොත් මං ඒ වෙනුවෙන් කැප වෙනවා.

• ගීතා කුමාරසිංහ මහත්මිය වගේ කෝපි කෝප්පවලින් ගහගෙන හරි හරියට හැප්පිලා දේශපාලනය කරන්න හයිය තියෙනවද?
කාන්තාවන්ට තමයි ඒක පාලනය කරන්න පුළුවන්. සමහරුන්ට ඉවසීම කැපවීම නෑ. ඒ තුළ තමයි ආවේගශීලීව කතා කරන්නේ. මං නම් සාකච්ඡා මට්ටමෙන් විසඳගන්නවා.

• ජනතාවගේ ප්‍රශ්නත් එක්ක සෙල්ලම් කරන්න බෑ. රඟපාන්නත් බෑ. මොකක්ද ඔයාගේ දේශපාලන ප්‍රතිපත්තිය?
දැන්ම කියන්න බෑ මට මොන වගේ තනතුරක් ලැබෙයිද කියලා. ලැබුණොත් මං ජනතාව වෙනුවෙන් උපරිම සේවය කරනවා. ඒගොල්ලන්ගෙ අවශ්‍යතා ගැන ගිහින් කතා කරනවා. ජනතාවගේ ඡන්දෙ අරන් අපිට බොරු කරන්න බෑ. ගිහින් ගුටිකන්න බෑ. අනිත් අතට පරණ මිනිස්සු කොච්චර හිටියත් මේ දේවල් කරන්නෙ නෑ. අලුත් මූණු ටිකක් එන්න ඕන.

• රුවන්ති කොළොන්නාවට දැනට තියෙන ලොකුම ප්‍රශ්නෙ දකින්නෙ මොන විදියටද?
ගරු දුමින්ද සිල්වා මැතිතුමා ඔක්කොම සම්පූර්ණ කරගෙන යනවා. යම් යම් අඩුපාඩු ඇති. පාරවල් නැති ඒවා වගෙ. මං ආවොත් ඒ දේවල් හොයලා බලනවා.

• ලොකුම ප්‍රශ්නෙ කුඩු කියන්නේ එතකොට බොරුවක්ද?
කුඩු කියන දේ කොළොන්නාවට විතරක් අයිති දෙයක් නෙවෙයි.

• හැබැයි කොළොන්නාව කියන්නේ කුඩු තිප්පළක් කියන එක රටම දන්නවා?
ආර්. දුමින්ද සිල්වා මැතිතුමා ඒක තුරන් කරන්න කටයුතු කරගෙන යනවා. දිනලා ආවම ඒ ගැන තමයි මුලින්ම සාකච්ඡා කරන්නේ. ඇත්තටම කොළොන්නාවේ දැන් කුඩු ව්‍යාපාරය නෑ. තුරන්වෙලා තියෙන්නේ.

• වගකීමෙන්ද කියන්නේ?
මං නම් හිතන්නේ කුඩු නෑ.

• එතකොට මේ සන්ධානයෙන්ම ඡන්දෙට එන හිරුණිකා කුඩු නිසා කොළොන්නාව ඉවරයි කියන්නේ බොරුවටද?
ඒ කාලෙත් ඒ ප්‍රශ්නෙ තිබ්බා වෙන්න ඕන. මං හිතන්නේ තියෙන්න ඇති. හිරුණිකා එක්ක නම් මගෙ කිසිම තරහක් නෑ. ඇත්තටම මං හිරුණිකාට ආදරෙයි.

• නළු නිළියෝ දේශපාලනය කරන එක විහිළුවක් බවට පත්වෙලා. ඔබත් ඒ ගොඩටම වැටිලා ජාතියට විහිළු සපයන කෙනෙක් වෙන්න වගේ හදන්නේ?
විහිළුවක් වෙලා තියෙන්නේ අපේ හුඟක් අය මැතිවරණවලින් දිනලා වැඩ කරන්නෙ නැති නිසා. යම් තනතුරක් දීලා තියෙනවා නම් ඒකෙ පඩිය ගන්නවා නම් ඒ වගකීම ඉටුකරන්න අපේ අය දැනගන්න ඕන.

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos