ඡායාරූප ශිල්පීන්ට නව නීති පද්ධතියක් හඳුන්වා දීමට ආණ්ඩුව සූදානම් වේ.
ජනතාවගේ පෞද්ගලිකත්වය සුරක්‍ෂිත කිරීම මේ නීති පද්ධතිය හඳුන්වාදීමේ අරමුණ වන බව ඊට සම්බන්ධ ඡායාරූප ක්‍ෂේත්‍රයේ ප්‍රවීණයකු සඳහන් කළේය. කෙසේ වෙතත් මේ නව නීති පද්ධතිය මඟින් ඡායාරූප මාධ්‍යවේදීන්ට කිසිදු බලපෑමක් සිදු නොවන බවද සඳහන් කළ අදාළ නීති කෙටුම්පත් මණ්ඩලය නියෝජනය කරන එම ප්‍රවීණ ඡායාරූප ශිල්පියා මෙය නීති පද්ධතියක් ලෙස හැඳින්වීමට වඩා ආචාර ධර්ම පද්ධතියක් ලෙස හැඳින්වීම වඩාත් සුදුසු බවද පැවැසීය.
එහෙත් මේ යටතේ තමන්ගේ පෞද්ගලිකත්වයට හානි කෙරෙන ඡායාරූපයක් ගතහොත් ඊට එරෙහිව අධිකරණයට යෑමට ජනතාවට ඉඩ ලැබෙන බවද ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.