-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More

උපකාරක පංතියකට ගොස්‌ එමින් සිටි දහනව හැවිරිදි පාසල් සිසුවියකගේ පිටුපසින් පැමිණි තරුණයකු ඇයගේ අතින් ඇද ඇයට පිහියකින් ඇන තිබේ.

නාගොඩ ගොනලගොඩ ප්‍රදේශයේදී ඉකුත් 10 වැනිදා මෙම සිද්ධිය වී තිබේ. මෙම දැරිය දෙවන වතාවට අ.පො.ස උසස්‌ පෙළ විභාගයට පෙනී සිටින ශිෂ්‍යාවකි. ඇය තවත් මිතුරියක්‌ සමඟ උපකාරක පංතියට ගොස්‌ පාගමනින් පැමිණ තිබේ.

ගොනලගොඩ මාර්ගය පාළු මාර්ගයක්‌ වන අතර මිතුරිය වෙනත් මාර්ගයකින් හැරීගොස්‌ ඇත. පසුව මෙම ශිෂ්‍යාව මෙම මාර්ගය දිගේ නිවසට යමින් සිටියදී පිටුපසින් පැමිණි තරුණයකු මෙම සිසුවියගේ අතින් ඇද තිබේ. සිසුවිය මොහු සමඟ පොරබැද තිබේ. පසුව මොහු තරුණියට පිහිපාරවල් කිහිපයක්‌ ඇන තිබේ.

මෙම සිද්ධියෙන් තුවාල ලැබූ සිසුවිය ගාල්ල කරාපිටිය ශික්‍ෂණ රෝහලට ඇතුලත් කොට ඇත. සැකකරු නාගොඩ පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇත. ඔහු හදුනාගැනීමේ පෙරට්‌ටුවකට ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි. නාගොඩ පොලිස්‌ ස්‌ථානාධිපති සුමේධ විමලගුණරත්න මහතාගේ මෙහෙයවීම යටතේ පරීක්‍ෂණ පැවැත්වෙයි.

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos