සීදුව නගර සභා කාර්යාලයට ආසන්නයේ පවත්වාගෙන යන රන් ආභරණ වෙළෙඳ ආයතනයකට 12 වැනිදා හවස හතට පමණ ටී -56 ගිනි අවි රැගෙන ඇතුළු වූ දෙදෙනෙකු විසින් වෙළෙඳ සල් හිමියාට උල් ආයුධයකින් තුවාල සිදුකොට රන් බඩු හා මුදල් කොල්ල කා පලාගොස් ඇත.
කොල්ලකරුවන් හයිබ්‍රිඩ් වර්ගයේ මෝටර් රථයකින් පැමිණ ඇති අතර ඔවුන් යතුරුපැදි ජැකට් හා මුහුණ ආවරණ සහිත හෙල්මට්‌ද පැළඳ පැමිණ ඇත.
වෙළෙඳ සල් හිමියාට ඇතිවූ සැකයක් මත ඔහු විසින් වෙළෙඳ සලේ වීදුරු දොර වසාගෙන ඇතිමුත් එයද විවෘත කර ගනිමින් එක් පුද්ගලයෙක් ඇතුළට ගොස් පිහියක් වැනි ඉතා තියුණු ආයුධයකින් වෙළෙඳ සල් හිමියාට තුවාල සිදුකර සියලුම රන්බඩු හා මුදල්ද රැගෙන පැමිණි මෝටර් රථයෙන්ම පලාගොස් ඇත.
වෙළෙඳ සල් හිමියා මේ වනවිට මීගමුව මූලික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටී. සීදුව පොලිසිය වැඩිදුර පරීක්‌ෂණ පවත්වයි.