-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More

මාතර - වළස්මුල්ල - මිද්දෙණිය ප‍්‍රදේශයේදී පියෙකු විසින් සිය නව මස් හැවිරිදි සිඟිති දියණියගේ ගෙළ කපා අද අලූයම ඝාතනය  කර තිබෙනවා. මොහු මාස කිහිපයක සිට බිරිඳ සහ දරුවා අතහැර දමා ගොස් සිටි බවයි වාර්තාවන්නේ. අනතුරුව දික්කසාදය සඳහා දෙදෙනාම එකඟතාවය පළ කර තිබෙනවා.
 
කෙසේ වෙතත් මෙම පුද්ගලයා සිඟිති දියණියගේ සැපදුක් විමසීමට බව පවසමින් විටින් විට නිවසට පැමිණ තිබෙනවා. ඊයේ (16) මෙලෙස  නිවසට පැමිණි මොහු දියණිය කිසිවෙකුටත් නොදන්වා රැගෙන ගොස් ඇති බවයි පොලීසිය සඳහන් කළේ. පසුව මෙම පුද්ගලයාගේ මව විසින් අදාළ පුද්ගලයාට දුරකථන ඇමතුමක් ලබාදී දැනුම්දී ඇත්තේ කුඩා දියණිය නැවත රැගෙන විත් භාරදෙන ලෙසයි. එහිදී සැකකරු දියණිය භාරදීමට නම් මිද්දෙණිය ප‍්‍රදේශයේ ඇති තේක්ක කැලය වෙත පැමිණෙන ලෙස දැනුම් දී තිබෙනවා. එම දැනුම්දීමට අනුවයි කුඩා දියණියගේ මවගේ ඥාති සහෝදරයෙකු වන පුද්ගලයෙකු අද උදෑසන තේක්ක කැලය වෙත පිටත්ව ගොස් ඇත්තේ. එහිදී ගෙළ තියුණු ආයුධයකින් කපා අමානුෂික ලෙස ඝාතනය කළ නව මස් හැවිරිදි කුඩා දියණියගේ සිරුර තේක්ක කැලය තුළ දමාගොස් තිබියදී හමුවුණා. ඝාතනයට ලක්වූ කුඩා දරුවාගේ මව මේ සම්බන්ධයෙන් මිද්දෙණිය පොලීසිය වෙත පැමිණිලි කර තිබෙනවා. ඒ අනුව පොලීසිය විසින් විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර ඇති අතර කෙසේ වෙතත් සැකකාර පියා ප‍්‍රදේශයෙන් පළා ගොස් ඇති බවයි මිද්දෙනිය පොලීසිය ප‍්‍රකාශ කළේ.



Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos