-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More

ගාල්ල මුහුදු පුරාවිද්‍යා ඒකකය මගින් ශ‍්‍රී ලංකාවේ මෙතෙක් සිදුකරනු ලැබූ මුහුදු පුරාවිද්‍යා ගවේෂණ වලදි ශ‍්‍රී ලංකාව අවට මුහුදේ ගිලීගොස් තිබූ වාෂ්ප බලයෙන් ක‍්‍රියාත්මක වූ විශාලම නැවක් ඇතුළු තවත් නැව් 17 ක් හඳුනා ගැනීමට හැකිවී ඇති බව ගාල්ල මුහුදු පුරාවිද්‍යා ඒකකය පවසයි. 

මෙම නැව් සොයා ගෙන ඇත්තේ ශ‍්‍රී ලංකාවේ නැගෙනහිර මුහුදු කලාපයේ සිදුකරනු ලැබූ ගවේෂණ වලදී. මේ නැව සම්බන්ධයෙන් කල ගවේෂණයේදි 1908. 09. 26 වන දින මඩකපුව නාවලඩි කළපුව අසල මුහුදේ ගිලීගොස් තිබූ සර් ජෝන් ජැක්සන් නැමති නැව බව තහවුරු කරගෙන ඇතැයි හෙතෙම කියයි.

කිමිදුම්කරුවෙකුගෙන් ලද තොරතුරක් පරිදි මෙම නැව සොයා ගැනිමට සමත්ව තිබෙනවා.

එදා සයිගොන් ලෙස හදුන්වනු ලැබූ වර්තමාන වියට්නාමයේ හෝචිමින් වරායේ සිට කොළඹ හරහා ලන්ඩනයට සහල් සහ තිරිගු පටවාගෙන යමින් සිටියදී නැවෙහි ගල් අගුරු හිඟ වීම නිසා ඒවා ලබාගැනීමට ගොඩබිම ආසන්නයට පැමිණීම හේතුවෙන් මේ නැව මෙසේ මුහුදු බත්වී ඇතැයි විශ්වාස කෙරෙනවා.

මෙය බොයිලේරු පහකින් සහ අවර පෙති දෙකකින් යුක්ත නැවක් වුවද නැවට සම්බන්ධව එහි තිබුනේ එක් අවර පෙත්තක් බවත් අනෙක වෙනත් තැනක තිබී හමුවු තිබෙන්නේ.

නෞකාවේ සම්පූර්ණ බර ටොන් 4231 කි. එහි කපිතාන් වරයා ඩබ්.ගීන් නැමැත්තකි. නැව නිපදවා ඇත්තේ 1905 දී නිව් කාසල් හී නොදම්බර්ලන්ඞ් නැව් නිපදවන ආයතනය විසිනි. පසුව මෙය ලන්ඩනයේ වෙස්ටි මිනිස්ටර් සමාගම යටතේ එම සමාගමේ නැවත් ලෙස ලියාපදිංචි කර ඇති අතර එහි දිග අඩි 360 හි පළල අඩි 47 අගල් 6 සහ ගැඹුර අඩි 20 පමණ වේ.

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos