කොස්‌ගොඩ කැස්‌බෑ මධ්‍යස්‌ථානයට දුරකථනයෙන් අමතා සුදු කැස්‌බෑවා මිලට ගැනීමට කතාබස් කළේ යෑයි කියන කොස්‌ගොඩ පොලිසියේ පොලිස් නිලධාරියා සොයාගත් බව පොලිස් නිලධාරියෙක් "දිවයින"ට පැවැසීය.
මෙම කැස්‌බෑ මධ්‍යස්‌ථානයේ හිමිකරු වන දැනට රිමාන්ඩ් භාරයේ පසුවෙන චන්ද්‍රසිරි ආබ්‍රොa මහතා කර තිබූ ප්‍රකාශය අනුව සුදු කැස්‌බෑවා ගනුදෙනුවට ඔහු සමඟ මෙසේ කතා බහ කළ බව කියනු ලබන පොලිස් නිලධාරියා චින්තක නමැති පොලිස් කොස්‌තාපල්වරයෙකි.
තම මිත්‍රයකුට සුදු කැස්‌බෑවාගේ ඡායාරූපයක් ගැනීමට අවශ්‍ය වූ නිසා තමා කැස්‌බෑ අයිතිකරුට දුරකථනයෙන් කතාකළ නමුත් කැස්‌බෑවා මිලට ගැනීමට කිසිදු අරමුණක් තමාට නොතිබූ බව එම පොලිස් කොස්‌තාපල්වරයා පොලිසියට ප්‍රකාශ කර ඇත.
කැස්‌බෑ මධ්‍යස්‌ථානයේ අයිතිකරු පොලිසියට මඩ ගැසීමේ ෙච්තනාවෙන් මෙම බොරුව ගොතා ඇති බව කොස්‌ගොඩ පොලිසිය කියයි.