-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More

ජාත්‍යන්තර මහා පරිමාණ හෙරොයින් ජාවාරම්කරුවන් විසින් හෙරොයින් වලට වෙනත් රසායනික කුඩු සහ අපද්‍රව්‍ය කලවම් කර අලෙවි කරන බවට රජයේ රස පරීක්ෂක පරීක්ෂණවලින් අනාවරණය වී තිබේ. මෙහිදී හෙළිවී ඇති තොරතුරුවලට අනුව පිරිසිදු හෙරොයින් කිලෝ එකකට වෙනත් රසායනික කුඩු සහ අපද්‍රව්‍ය වලින් සමන්විත කුඩු කිලෝ එකහමාරක් පමණ කලවම් කර ඇති බවට ද අනාවරණය වී ඇත.

මීට මාස කිහිපයකට පෙර පාකිස්තානයේ මහා කුඩු ජාවාරම්කරු වූ සර්දන්ඛාන්ගේ කුඩු ජාවාරම හරහා මෙරටට ගෙන්වීමෙන් පසු රේගු අත්අඩංගුවට පත් කුඩු කන්ටේනරයේ තිබූ කුඩු කිලෝ 261න් නියමිත හෙරොයින් තිබී ඇත්තේ කි‍ලෝ එකසිය තිස් එකකි.

ඉතිරි කිලෝ 130 වෙනත් රසායනික ද්‍රව්‍ය සහ අපද්‍රව්‍ය බව රජයේ රස පරීක්ෂක වාර්තාවෙන් අනාවරණය වී ඇත. මෙහිදී කුඩු කිලෝ 261 ‍තිබුණත් අධිකරණයට ඉදිරිපත් කර ඇත්තේ කුඩු කිලෝ 131ක් පමණි. රස පරීක්ෂකවරයා විසින් පවත්වන ලද පරීක්ෂණයේදී හෙරොයින් වලින් සෙසු රසායනික සහ අපද්‍රව්‍ය වෙන් කර තිබේ.

වැල්ලම්පිටිය පොලිසියේ ස්ථානාධිපතිවරයාද ඔහුගේ නිවසේ අල්මාරියේ තිබී සොයාගත් මත්කුඩු, හෙරොයින් නොව ඒවාට කලවම් කරන වෙනත් කුඩු වර්ගයක් බව පවසා ඇත. ඒ බව සනාථ කර ගැනීම සඳහා ඒවා රජයේ රස පරීක්ෂකවරයා වෙත යවා ති‍බේ.

ජාත්‍යන්තරයේ රහසිගතව සිදුවන හෙරොයින් වෙළඳපොළේ හෙරොයින් කිලෝවක් මේ වන විට රුපියල් ලක්ෂ සියයකට ආසන්න මුදලකට අලෙවි වෙයි. ජාත්‍යන්තර හෙරොයින් ජාවාරම්කරුවන්ගේ හෙරොයින් වලට කලවම් කරන රසායනික කුඩු සහ වෙනත් අපද්‍රව්‍ය කිලෝවක්ද මේ හරහා රුපියල් ලක්ෂ සියයකට පමණ අලෙවි කරන බව පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශය පවසයි.

හෙරොයින් පාවිච්චි කරන පුද්ගලයන්ගේ සිරුරට මේ හරහා හෙරොයින් පමණක් නොව වෙනත් රසායනික ද්‍රව්‍ය වල විසද එකතු වී බරපතළ ‍රෝගී තත්ත්වයන්ට භාජනය වන බවද වෛද්‍ය පරීක්ෂණවලින් අනාවරණය වී තිබේ.

ලෝකයේ හෙරොයින් නිෂ්පාදනයට යොදා ගන්නා අමුද්‍රව්‍ය පොලිස් සහ බුද්ධි අංශවලට හොරෙන් රහසිගතව වගා කෙරෙන අතර එම අමුද්‍රව්‍ය වල හිඟය නිසා ජාවාරම්කරුවන් හෙරොයින් වලට වෙනත් රසායනික ද්‍රව්‍ය සහ අපද්‍රව්‍ය එකතු කිරීමේ වෙනත් ජාවාරමක් ඒ හරහා සිදු කරන බවද පොලිස් බුද්ධි අංශ මඟින් මෙන්ම පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශ මඟින්ද අනාවරණය කරගෙන ඇත.
.

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos