පිටකොටුව බෝධිරාජ මාවතේ වෙළඳ සල් 104 ක් ගිනිගෙන විනාශවීමට හේතුවී ඇත්තේ පොල්තෙල් පහනක තිරයක් මීයකු රැගෙන යාමෙන් ඇති වූ ගිනිගැනීමකින් බව රස පරීක්ෂක වාර්තාවලින් හෙළිව තිබේ.
අංක 77 වෙළඳ සල තුළ දැල්වෙමින් තිබූ පොල්තෙල් පහනක තිරයක් මීයකු වැනි සතකු විසින් රැගෙන යාමට උත්සාහ කිරීමේ දී හෝ පහන පෙරළීමෙන් ගින්න හටගෙන ඇති බව රස පරීක්ෂක වාර්තාවලින් හෙළිකර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා 'දිනමිණට' පැවැසීය.
එසේ නොමැතිව කිසිඳු කඩාකප්පල්කාරී ක්‍රියාවක් නොවන බව හෙතෙම කීවේය. පසුගිය වසරේ දෙසැම්බර් 6 වැනිදා පිටකොටුව බෝධිරාජ මාවතේ වෙළඳ සල් 104 ක් ගිනිගෙන විනාශ විය.