-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More

කල් ඉකුත් වන දිනය පසුවී වසරකටත් වැඩි කාලයක් ගතවී මිනිස් පරිභෝජනයට සම්පූර්ණයෙන්ම නුසුදුසු තත්ත්වයේ පවතින පාකිස්තාන් බාස්මතී සහල් කිලෝ විසිඑක්දහසකට වැඩි ප්‍රමාණයක් නැවත ශුද්ධ කර 2015 කල් ඉකුත්වන දිනයක්ද යොදා වෙළෙඳ පළට යැවීමට සූදානම් කර තිබිය දී පාරිභෝගික අධිකාරිය මඟින් ඊයේ (7) පෙරවරුවේ සොයාගෙන තිබේ.

වසර ගණනාවක් තිස්සේ මෙරටට සුපිරි සහල් වර්ග ආනයනය කරන ප්‍රසිද්ධ ව්‍යාපාරිකයකුගේ අනුදැනුම මත එම කල් ඉකුත් වී විනාශ කිරීමට ඇති සහල් යළි සකස් කිරීම සිදු කොට ඇත.

වත්තල මාබෝලේ බංගලාවත්ත පාරේ අංක 75 දරන ස්ථානයේ පිහිටි කන්ටේනර් යාඩ් එකක පිහිටි මෙම සහල් ගබඩාවට පාරිභෝගික අධිකාරිය මේ වන විට මුද්‍රා තබා තිබේ.

පාරිභෝගික අධිකාරිය වටලන අවස්ථාව වන විට නැවත සැකසූ සහල්වලට අමතරව පණුකැදලි, ගුල්ලන් සහ කළු පැහැති කුඩා කෘමීන්ගෙන් පිරුණ සැකසීමට සූදානම්ව තිබූ තවත් සහල් කිලෝ දහස් ගණනක් එහි තිබූ බව පැවසේ.
මෙම කල් ඉකුත් වූ සහල් දිවුලපිටියේ සහල් මෝලක් වෙත යවා එහිදී පණුවන් සහ සෙසු අපද්‍රව්‍ය සහිත සතුන් කෑ සහල් ඉවත් කර නැවත සකසා සුපිරි සහල් ලෙස පැකට් කර කිලෝව රුපියල් සියයකට වැඩි ප්‍රමාණයකට අලෙවි කිරීම සිදු කෙරේ.

මෙසේ අලෙවි කිරීමට තිබූ සහල්වල වටිනාකම ලක්ෂ පනහකට ආසන්න වෙයි.  කොළඹ කොටුව පිටකොටුව පමණක් නොව කොළඹ සුපිරි හෝටල්වලටද චීන කඩවලටද සුපිරි සහල් ලබාදෙන මෙම ව්‍යාපාරිකයා මෙසේ පණුවන් කෑ යළි සකස් කළ සහල්ද ඒ සමඟ යවනු ඇතැයි පාරිභෝගික අධිකාරිය සැක කරයි.

පාරිභෝගිකයන් මුලාවට පත්කරමින් මේ ව්‍යාපාරිකයා සිදු කරන මෙම අපරාධය සම්බන්ධයෙන් ලබන සඳුදා ඔහුගේ ව්‍යාපාරයට එරෙහිව අධිකරණයට කරුණු ඉදිරිපත් කර අත් අඩංගුවට ගෙන ඇති ඔහු, අධිකරණයට ඉදිරිපත් කිරීමටත් පාරිභෝගික අධිකාරිය පියවර ගෙන තිබේ.

මේ අතර මිනිස් පරිභෝජනයට නුසුදුසු ආහාර ද්‍රව්‍ය අලෙවි කරන පුද්ගලයන් සොයා රටපුරා සිදු කරන වැටලීම් තවදුරටත් වැඩි කිරීමට සමුපකාර හා අභ්‍යන්තර වෙළෙඳ ඇමැති ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පාරිභෝගික අධිකාරියට උපදෙස් දී ඇත.

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos