-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More

සියලු දේ දරුවන්ට යෑයි කවුරුන් කෙසේ කීවත් සෑම දිනකම ගැහැනු දරුවන් පස්‌ දෙනකුවත් දූෂණය වන බව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මහාචාර්ය යසාංජලී දේවිකා ජයතිලක මහත්මිය පැවැසුවාය.

ඒ මහත්මිය එසේ පැවැසුවේ ළමා හිංසනයට එරෙහි ජාතික දින උළෙලේ මුඛ්‍ය දේශනය ඊයේ (7 වැනිදා) කොළඹ රාජකීය විද්‍යාලයීය නව රඟහල ශාලාවේ පැවැති අවස්‌ථාවේදීය.

ආසියාතික රටවල ප්‍රාථමික අධ්‍යාපනය ලැබිය යුතු වයසේ දරුවන් මිලියන 130 ක්‌ එසේ අධ්‍යාපනය නොලැබීම හේතුවෙන් සාක්‍ෂරතාවයෙන් පෙළෙන බව ද ඒ මහත්මිය කීවාය.

අපේ රටේ සිදුවන ස්‌ත්‍රී දූෂණවලින් 84% ක්‌ පමණ සිදුවන්නේ වයස අවුරුදු 18 ට අඩු බාල වයස්‌කාර දරුවන්ට බව සමීක්‍ෂණ මගින් තහවුරුවී ඇති බවද විසිවැනි සියවසෙන් පසුව අන්තර්ජාල හා ජංගම දුරකථන භාවිතය හේතුවෙන් දරුවන් අපයෝජනයට පත්වීමේ ප්‍රවණතාව ඉහළ ගොස්‌ ඇති බවද අවධාරණය කළ ඒ මහත්මිය, අසභ්‍ය වෙබ් අඩවි පරිහරණය කිරීමේ ප්‍රමුඛස්‌ථානය ශ්‍රී ලංකාවට හිමිවී තිබීමත්, එසේ පරිහරණය කරන පිරිස වයස අවුරුදු 18 ට අඩු දරුවන් බවත් හෙළිදරව් වී තිබීමත් අතිශය ෙ€දනීය තත්ත්වයක්‌ බවද අවධාරණය කළාය.

දෙමව්පියන් මීට වඩා දරුවන් පිළිබඳ විමසිලිමත් විය යුතු බව පැවසූ ඒ මහත්මිය, රූපවාහිනිය අත්හැර සාහිත්‍ය පොත පත, සෞන්දර්ය රසවින්දනයට හැකිතාක්‌ කාලය හා මනස යොදවන ලෙස දරුවන්ගෙන් ඉල්ලා සිටියාය.

දරුවන් අපයෝජනයට පත්වන්නේ එම අපයෝජකයින් කවුදැයි හඳුනා ගැනීමට දරුවන්ට නොහැකිවීම නිසා බැවින් හැකි තරම් සාහිත්‍ය කෘති, චරිත කතා අධ්‍යයනය කිරීමෙන් මේ සමාජයේ සිටින විවිධ චරිත හා මිනිස්‌ චර්යාවන් පිළිබඳ හඳුනා ගැනීමට දරුවන්ට හැකිවනවා යෑයිද ඇය වැඩිදුරටත් පැවසුවාය.

මෙහිදී අදහස්‌ දැක්‌වූ ළමා සංවර්ධන හා කාන්තා කටයුතු ඇමැති තිස්‌ස කරල්ලියද්ද මහතා පැවැසුවේ දෙමව්පියන් තම දරුවන්ට සෑම විටම ලබාදිය යුතු වන්නේ දරුවන්ට ගැලපෙන දේ මිස ලබාදිය හැකි සියලු දේ නොවන බවයි.

ජංගම දුරකථන, පරිගණක අවශ්‍ය දෙයක්‌ වන්නේ නම් දරුවන්ට ගැලපෙන තත්ත්වයේ පහසුකම් පමණක්‌ ඇති ඒවා ලබාදීම ප්‍රමාණවත් බව පැවසූ ඇමැතිවරයා සීමාවක්‌ නැතිව දරුවන්ට අනවශ්‍ය දේ ලබාදීමෙන් දරුවන් විනාශයට පත්වන බවද කීවේය.
 

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos