-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More


ගාලූමුවදොර දී, මුහුදට පැන සිය දිවි හානි කර ගැනීමට තැත් කිරීමේදී බේරා ගත් කාන්තාව මියගොස් තිබෙනවා. අද (04) දහවල් ඇය සියදිවි හානි කර ගැනීමට උත්සාහ කළ අතර, පොලිසිය විසින් ඇය බේරා ගෙන කොළඹ ජාතික රෝහලට ඇතුළත් කළා. එහිදී ඇය මියගිය බවයි රෝහල් ප‍්‍රකාශකයෙකු හිරු ප‍්‍රවෘත්ති අංශයට සඳහන් කළේ. 42 හැවිරිදි මෙම කාන්තාව සියදිවි හානි කර ගැනීමට තැත් කළ හේතුව මෙතෙක් අනාවරණ වී නැහැ. එමෙන්ම, ඇගේ අනන්‍යතාවය මෙතෙක් තහවුරු වී නොමැති බවයි පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක කාර්යාලය සඳහන් කළේ. අඩි 5 යි අඟල් 02 ක් උස ඇය මියයන විට දම් පැහැති තද කොළ මිශ‍්‍ර මල් සහිත ගවුමක් ඇඳ සිටි බවයි එම කාර්යාලය කියා සිටියේ. එමෙන්ම ඇගේ අනන්‍යතාවය තහවුරු කර ගැනීමට සහයෝගය ලබාදෙන ලෙසද පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක කාර්යාලය ජනතාවගෙන් ඉල්ලීමක් කළා. 

Update: Saturday, 04 January 2014 - 6:56 PM
-------------------------------------------------
ගාලූමුවදොරදී කතක්  මුහුදට පනී.

ගාලූමුවදොර දී, මුහුදට පැන සිය දිවි හානි කර ගැනීමට තැත් කළ කාන්තාවක් පොලිසිය විසින් බේරා ගෙන තිබෙනවා. පසුව අදාළ කාන්තාව කොළඹ ජාතික රෝහලට ඇතුළත් කළ බවයි පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක කාර්යාලය සඳහන් කළේ. ඇයගේ තත්ත්වය බරපතල නොවන බව ද රෝහල් ප‍්‍රකාශකයෙකු හිරු ප‍්‍රවෘත්ති අංශයට කියා සිටියා. 42 හැවිරිදි මෙම කාන්තාව සියදිවි හානි කර ගැනීමට තැත් කළ හේතුව මෙතෙක් අනාවරණ වී නැහැ.



Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos

Popular This Week