-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More


රුපියල් කෝටි තුන්සියයකට ආසන්න වටිනාකමකින් යුත් හෙරොයින් තොගයක්‌ අඩංගු කන්ටේනරය මුදා හැරීම සඳහා අගමැතිවරයාගේ අත්සනින් ලිපියක්‌ නිකුත් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අගමැතිවරයාගේ පුත්‍රයා වන අනුරාධ ජයරත්න මහතාගෙන් පොලිස්‌ මත්ද්‍රව්‍ය නාශක අංශය පැය 2 1/2 ක්‌ ප්‍රශ්න කර කට උත්තර ලබාගෙන ඇත.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීම සඳහා පොලිස්‌ මත්ද්‍රව්‍ය නාශක අංශය වෙත පැමිණෙන ලෙස ජයරත්න මහතාට කළ දැනුම් දීමට අනුව එහි පැමිණ ඇති ඒ මහතා මෙසේ කටඋත්තර ලබාදී තිබේ.

අනුරාධ ජයරත්න මහතාගේ මැතිවරණ ව්‍යාපාරය සඳහා මෙම මත්කුඩු ජාවාරම්කරුවන් මුදල් යෙදවූ බවට එල්ලවී තිබෙන චෝදනා සම්බන්ධයෙන් මෙන්ම එම ජාවාරම්කරුවන් සමග ආරම්භ කිරීමට සූදානමින් සිටි ව්‍යාපාරයක්‌ සම්බන්ධයෙන්ද ඒ මහතාගෙන් මත්ද්‍රව්‍ය නාශක අංශය ප්‍රශ්න කර ප්‍රකාශ සටහන් කරගෙන ඇත.

මේ අතර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු සමග අගමැතිවරයා එකට සිට ගෙන තිබූ ඡායාරූපය සම්බන්ධයෙන්ද ප්‍රකාශ සටහන් කර ගැනීමට මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය පියවරගෙන තිබිණි.

හොරොයින් තොගය අඩංගු කන්ටේනරය මුදා හැරීම සඳහා අගමැතිවරයාගේ ලිපියක්‌ ලබා ගැනීමේ සිද්ධිය සම්බන්ධ තවත් පුද්ගලයන් කීප දෙනකුගෙන්ද පොලිසිය ප්‍රශ්න කර තිබේ.

ඒ අතර ගම්පොල ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරයකුද සිටින බව පොලිසිය පවසයි.
වාර්තා වන ආකාරය අනුව මෙම හොරොයන් ජාවාරම් කරු සමඟ අගමැතිවරයා මෙන්ම ඔහුගේ පුත‍්‍රයාද ගත් ඡයාරූප කිහිපයක් පොලීසිය විසින් සොයාගෙන තිබේ.

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos

Popular This Week