පසුගිය දෙසැම්බර් 31 වනදා රාත‍්‍රියේ නව වසර උදාවිමේ සාදය පැවැත්වෙමින් තිබිය දි කොළඹ හිල්ටන් හෝටලයේ වේදිකාව කඩා වැටි ඇත්තේ එම වේදිකාවේ ඇණයක් ගැලවිමෙන් යයි පරික්ෂණවලදි හෙළි ව ඇතැයි පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි අජිත් රෝහණ මහතා පැවසිය.
වේදිකාව කඩාවැටිම සම්බන්දයෙන් වේදිකාව ඉදිකළ සේවකයන් අට දෙනෙකුගෙන් පමණ ප‍්‍රකාශ ලබාගෙන ඇති බවද පොලිස් මාධ්‍ය ප‍්‍රකාශකවරයා කීය.
මෙම අනතුරින් සාදයට සහභාගි වෙමින් සිටි 20ක පමණ තුවාල ලබා කොළඹ පෞද්ගලික රෝහලකට ඇතුළත් කොට තිබුණි.