විප්ලවයෙන් පසුව ප්‍රථම වතාවට නිදහසේ මෝටර් රථ මිලදී ගැනීමට කියුබානුවාසීන්ට අවසර ලැබී තිබේ.
එහෙත් මෝටර් රථ විකිනීමේ බලය හිමි වන්නේ ආණ්ඩුවට පමණක් වන අතර, රථවල මිල ඉතා අධික බැවින් ඒවා මිල දී ගත හැක්කේ රටේ ඉතාමත්ම සුළු පිරිසකට පමණි.
එක් වෙළඳසැලක පර්ජෝ 508 වර්ගයේ රථයක් විකිණීමට තිබුනේ ඩොලර් දෙලක්ෂ හැට දහසකට. එය එම රථයේ සාමාන්‍ය මිල මෙන් අට ගුණයක පමණ මුදලකි.
මෝටර් රථයක් මිලදී ගැනීම පිණිස ආණ්ඩුවේ බලපත්‍රයක් ලබා ගැනීමට අවශ්‍ය වූ අතර, එම බලපත්‍රය පිරි නැමුණේ ආණ්ඩුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ට, ඉහල මට්ටමේ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට සහ කලාකරුවන්ට පමණි.