පසුගිය 2012 වසරේ තංගල්ලේදී ඝාතනය වූ බි්රතාන්ය ජාතිකයාගේ ඝාතනය සමබන්ධයෙන් විභාගවන නඩුවේ සාක්කි දීම සඳහා ලබන මාර්තු 26 වැනිදා අධිකරණයට පැමිණෙන ලෙස දැනුම් දෙමින් ඝාතනයට ලක් වු යේමන් ෂෙයික් නමැති බි්රතාන්ය ජාතික රතුකුරුස නිළධාරියාගේ පෙම්වතිය වන රුසියානු ජාතික වික්ටෝරියා ඇලෙක්සැන්ඩි්රයා නමැත්තියට කොළඹ මහඅධිකරණයි විසින් සිතාසි නිකුත් කර තිබේ.
මේ සම්බන්ධයෙන් තංගල්ල ප්රාදේශය සභාවේ සභාපති වරයා ඇතුළු විත්ති කරුවන් හය දෙනෙකුට එරෙහිව චෝදනා එල් වී ඇති අතර නඩුවේ පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ රජයේ නීතිඥ තුසිත් මුදලිගේ මහතා කළ ඉල්ලිමක් පිළිගත් විනිසුරුවරිය මෙම සිතාසිය ඉංග්‍රිසි භාෂාවෙන් නිකුත් කිරිමට නියම කළාය.
මෙම නඩුව ඊයේ අධිකරණයේ කැඳවනු ලැබු අවස්ථාවේ දී ඉල්ලිමක් කළ තුසිත් මුදලිගේ මහතා මියගිය පුද්ගලයාගේ පෙම්වතිය මේ නඩුවේ වැදගත් සාක්කි කාරිය බවත් ඇයට උසාවියේ පෙනී සිටින ලෙස නියම කරමින් පසුගිය අවස්ථාවෙදි සිංහල භාෂාවෙන් සිතාසි නිකුත් කරන්නැයි ඉල්ලා සිටියේය.