ඉන්දියාවේ සුපිරි බොලිවුඩ් නළු ෂාරුක් ඛාන් ඊයේ බොම්බායේ 'මැරියට්' හෝටලයේ චිත්‍රපටයක රඟපාමින් සිටියදී එහි තිබූ දොරක් ඔහුගේ සිරුර මත කඩා වැටීමෙන් පසු ඔහු රෝහල්ගත කරන ලදී.
ඊයේ සවස් වෙන විට ෂාරුක්‌ගේ තත්ත්වය යහපත් අතට හැරී ඇති අතර ඔහු රෝහලින් පිටව ගිය බවත් වාර්තා වේ. දොර කඩා වැටීමෙන් ඔහුගේ හිසට තුවාල සිදුවිය.