-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More


ඇඹිලිපිටිය අධිකරණ කලාපයට අයත් පැල්මඬුල්ල ඇඹිලිපිටිය ප්‍රදේශවල පසුගිය වසරේ ළමා අපචාරවලට ලක්වූ ළාබාල දැරියන් 497 දෙනකුගෙන් 27 දෙනෙක් මවුවරුන් බවට පත්ව සිටිති.

පරිවාස හා ළමාරක්ෂක දෙපාර්තමේන්තුවේ පළාත් පරිවාස කොමසාරිස් විජයානි රත්නසේකර මහත්මිය පවසන්නේ මවුවරුන් බවට පත්ව සිටින දැරියන් වයස අවුරුදු 18ට අඩු අය බවයි.
මෙසේ අපයෝජනයට ලක්වූ හා මාතෘත්වයට පත්වූ දරුවනට සහන සැලැසීමේ විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට එම පළාත් පරිවාස කොමසාරිස් දෙපාර්තමේන්තුව තීරණය කොට තිබේ.

ලබන මස 20 වැනි දින ඇඹිලිපිටිය ප්‍රදේශයේ බෝධිරාජපදනම මඟින් පිහිටුවනු ලබන විශාඛා ළමා උපදේශන මධ්‍යස්ථානයට එම පිරිස් යොමුකර ඔවුන්ට ආධ්‍යාත්මික හා වෘත්තීය පුහුණු වැඩසටහන් ක්‍රියාත්මක කරන බවද රත්නසේකර මහත්මිය පැවැසුවාය.

පරිවාස හා ළමාරක්ෂක දෙපාර්තමේන්තුවේ සහාය මත පිහිටුවනු ලබන මෙම මධ්‍යස්ථානය සඳහා නිවාස 3ක් ලබාගෙන ඇති බව ඇඹිලිපිටිය පරිවාස කාර්යාලය භාර නිලධාරි අශෝක රණතුංග මහතා පැවැසීය.

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos