-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More

ලංකා විදුලිබල මණ්ඩලයට අවාසිදායක වන පරිදි පෞද්ගලික විදුලි බලාගාරවලින් විදුලිය මිලදී ගැනීමට මණ්ඩලයේ පාලනාධිකාරිය තීරණය කර ඇතැයි අභ්‍යන්තර ආරංචි මාර්ග පවසයි. ACE Power - හොරණ, මාතර සහ LTL ආයතනයට අයත් ලක්දනව් පෞද්ගලික විදුලි බලාගාරවලින් විදුලිය මිලදී ගැනීම් ආරම්භ කිරීමට මණ්ඩලය ක්‍රියා කරමින් සිටියි.

වසර 15කට ආසන්න කාලයක් පෞද්ගලික බලාගාරවලින් විදුලිය මිලදී ගැනීම් සිදුකළද 2012 වසරෙන් පසුව එම බලාගාරවලින් කරන විදුලිය මිලදී ගැනීම් නවතා තිබිණි. නොරොච්චෝලේ ගල් අඟුරු බලාගාරයෙන් ජාතික විදුලිබල පද්ධතියට එක් කෙරෙන මෙගාවොට් 300ක විදුලිය ප්‍රමාණය එයට හේතුවිය.

නොරොච්චෝලේ බලාගාරයේ අලුත්වැඩියා කටයුතු සිදුකෙරෙන තුරු විදුලිය මිලදී ගැනීම් සිදුකළත් බලාගාරය නැවැත ආරම්භ කිරීමෙන් පසුව ඉහත කී පෞද්ගලික බලාගාර සමඟ ඇති ගිවිසුම්වලට අනුව විදුලිය මිලදී ගැනීම් කළත්-නොකළත් එම බලාගාර වෙත මුදල් ගෙවීමට සිදුවීම මෙම බලාගාර සමඟ ඇති ගිවිසුම්වල ඇති අවදානම බව ජාතික විදුලි පාරිභෝගික ව්‍යාපාරය පවසයි.

මේ වන විට නොරොච්චෝලේ, නව ලක්‍ෂපාන විදුලි බලාගාර සහමුලින් අක්‍රිය කර ඇති අතර කැලණිතිස්ස, කුකුළේගඟ යන බලාගාර සම්පූර්ණ ධාරිතාවයෙන් විදුලිය උත්පාදනය කරන්නේ නැත. බෝවතැන්න විදුලි බලාගාරයද මේ වන විට ක්‍රියාත්මක වන්නේ නැත. සමස්ත විදුලිය ධාරිතාව මේ වන විට සියයට 20 දක්වා පහළ බැස තිබේ.
ජනවාරි 23 වැනිදා දිවයිනේ ඇතැම් ප්‍රදේශවලින් වාර්තා වූ පරිදි කෝට්ටේ, කෑගල්ල, බියගම, රත්නපුර, ගලේවෙල සහ හබරණ යන ප්‍රදේශවල විදුලිය බිඳ වැටීම් සිදුවී තිබේ.

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos