-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More

අත්අඩංගුවට ගත් හෙරොයින් ග්‍රෑම් 2.4 ක ප්‍රමාණය අධිකරණයට වාර්තා කිරීමේදී මිලිග්‍රෑම් 2.4 ක්‌ ලෙස සටහන් වීම නිසා නාවලපිටිය දූෂණ මර්දන ස්‌ථානාධිපතිවරයාගේ හා උසාවි සැරයන්ගේ සේවය අත්හිටුවා ඇත.

කුඩු ග්‍රෑම් 2 කට අධික ප්‍රමාණයක්‌ සම්බන්ධයෙන් මහාධිකරණයේ නඩු විභාග සිදුවිය යුතු වුවත් මෙලෙස මිලිග්‍රෑම් ප්‍රමාණයක්‌ සටහන්වීම නිසා සැකකරුට රුපියල් හයදහසක දඩයක්‌ නියම වීමෙන් ඔහු නිදහස්‌ වී ඇත.

ඒ සම්බන්ධයෙන් මධ්‍යම පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්‌පති එච්. එන්. බී. අඹන්වල මහතාට ලැබුණු තොරතුරකට අනුව සහකාර පොලිස්‌ අධිකාරි කපිල සෙනවිරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පත්කළ පරීක්‍ෂණ කණ්‌ඩායමට අනුව මෙම දෙදෙනාගේ සේවය අත්හිටුවා පරීක්‍ෂණ ආරම්භ කොට ඇත.

නාවලපිටිය ගොරකාඔය ප්‍රදේශයේ නිවසක එළියේ මල්පෝච්චියක හෙරොයින් සඟවා ඇති බවට හදිසි ඇමතුම් අංශයට ලැබුණු තොරතුරකට අනුව මෙම කුඩු ප්‍රමාණය සොයාගෙන ඇත.

අත්අඩංගුවට ගත් මෙම හෙරොයින් ප්‍රමාණය සම්බන්ධයෙන් නාවලපිටිය දූෂණ මර්දන අංශය නිසි සටහන් තබමින් අනෙකුත් අංශ වෙත ද වාර්තා කොට ඇතත් උසාවිය වෙත වාර්තා කිරීමේදී එය මෙසේ අඩුවෙන් සටහන් වී ඇත. උසාවි සැරයන්වරයා දූෂණ මර්දන අංශ ස්‌ථානාධිපතිවරයාගෙන් අත්සන් ලබාගෙන බී වාර්තාව ඉදිරිපත් කොට ඇති අතර ඒ සම්බන්ධයෙන් නිසි සොයාබැලීමක්‌ නොකර ස්‌ථානාධිපතිවරයා අත්සන් කොට ඇති බව ද හෙළි වී ඇත.

අත්අඩංගුවට ගත් මෙම හෙරොයින් ප්‍රමාණය හා සැකකරු පිළිබඳව ද ගැටලු මතුවී ඇත. මෙම සැකකරු හා තවත් අයකු අතර තිබූ ආරවුලක්‌ මත ඔහුගේ නිවසේ ඉදිරිපිට මල්පෝච්චියක මෙම හෙරොයින් සඟවා ඔත්තු දී ඇති බවට ද තොරතුරු ලැබී ඇත.

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos