-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More

ලංකාවේ හිරු එළියෙන් හා සුලං මඟින් නිපදවන විදුලියේ අතිරික්තයක් තිබෙන නිසා ඒවා ඉන්දියාවට විකුණන බව විදුලි බල අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි පවසනවා.

ජල විදුලියට අමතරව දිවා කාලයේදී හිරු එළියෙන් හා සුලං බලයෙන් නිපදවෙන විදුලිය ගබඩා කළ නොහැකි නිසා මෙම තීරණය ගෙන ඇති බවයි ඇය පවසන්නේ.

ඉන්දියාවට විදුලිය විකිණීම සඳහා මුහුද යටින් සම්ප්‍රේෂණ රැහැන් අදිමින් සිටින බවත්, මෙම විදුලි රැහැන් පද්ධතිය රුසියාවේ සිට කලාප කිහිපයක් හරහා ඉදිවන්නක් බවත්, අනාගතයේදී ජාත්‍යන්තර විදුලි බල සම්ප්‍රේෂන ජාලයට ලංකාවද සම්බන්ධ වන බවත් ඇය පවසයි.


ඉන්දියාව හා ලංකාව අතර විදුලි පද්ධතිය
කිලෝමීටර් 50ක් මුහුද යටින් දිවෙන මෙම රැහැන් ද්ධතියේ මදුරායි සිට අනුරාධපුරය දක්වා මුළු දිග කිලෝමීටර් 285කි.

මෙවන් මුහුද යටින් දිවෙන විදුලි සම්ප්‍රේෂන පද්ධතියක් මේ වන විට ඇත්තේ බ්‍රිතාන්‍ය හා ප්‍රංශය අතර පමණි. එහි ධාරිතාවය කිලෝවොට් 2,000කි.

Powergrid Corporation of India Ltd සමාගම විසින් සිදුකරන මෙම පද්ධතියේ ධාරිතාවය මෙගාවොට් 500කි. ඉදිරියේදී එය මෙගාවොට් 1,000ක් දක්වා වර්ධනය කිරීමට බලාපොරොත්තු වේ. පලමු අදියරේ මෙගාවොට් 500ක මෙම ව්‍යාපෘතීය සඳහ යන වියදම රු. බිලියන 25-30 ක් පමණ වේ.

පවර් ග්‍රිඩ් සමාගම විසින් ඉන්දියාවේ සිට බංගලාදේශය, නේපාලය, භූතානය හා පකිස්තානයට මෙම මෙසේ විදුලිබල සම්ප්‍රේෂණ රැහැන් අදිනු ලබයි.

මදුරායි සිට රාමේෂ්වරම් දක්වා සම්ප්‍රේෂණ කණු මත ඉදිවන මම රැහැන් පද්ධතිය රාමේෂ්වරම් සිට මන්නාරම දක්වා මුහුද යටින් අන්තර්ජාල ෆයිබර් ඔප්ටික් කේබල් අතුරන ආකාරයට මුහුදු පතුලේ මෙම කේබල් එලණු ලබයි. අනතුරුව මන්නාරමේ සිට අනුරාධපුරය දක්වා සම්ප්‍රේෂණ කණු මත ඉදිවේ.

නොරොච්චෝලේ, හම්බන්තොට හා ක්‍රීකුණාමලයේ තාපවිදුලි බලාගාර ඉදිවීමෙන් පසු අතිරික්ත විදුලිය ඉන්දියාවට විකිණීමට මුලින් සැලසුම් කර තිබුනද නොරොච්චෝලේ බලාගාරය පෙරේදා වනවිට 25 වතාවක් අක්‍රිය වී තිබේ.

ඉන්දියාව පවසන්නේ මෙම ව්‍යාපෘතිය හරහා ඉන්දියාවේ අතිරික්ත විදුලිය ලංකාවට ලබාදෙන බවයි. පවිත්‍රා පවසන්නේ ලංකාවේ විදුලිය ඉන්දියාවට සපයන බවයි. ඒ අනුව එකම රැහැන් පද්ධතියේ විදුලිය දෙපැත්තටම යවනවාදැයි අපට පැහැදිලි නැත.

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos