-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More

ව්‍යාජ ක්‍රෙඩිට්‌ කාඩ්පත් යොදාගෙන සුපිරි වෙළෙඳසල්වලින් රුපියල් කෝටි ගණනක්‌ වටිනා භාණ්‌ඩ ලබාගත් සංවිධානාත්මක කණ්‌ඩායමක්‌ අපරාධ පරීක්‌ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගෙන ඇත.

සැකකරුවන් අතර සුපිරි වෙළෙඳ සල්වලට අයත් සමාගමේ සේවය කරන කළමනාකාරවරියකද සිටින බව අපරාධ පරීක්‌ෂණ දෙපාර්තමේන්තුව පවසයි. පෞද්ගලික බැංකුවකින් ලැබුණ පැමිණිල්ලකට අනුව පරීක්‌ෂණ පැවැත් වූ පොලිස්‌ නිලධාරීන් මෙම ව්‍යාජ ක්‍රෙඩිට්‌ කාඩ්පත් ජාවාරම සම්බන්ධ සැකකාරිය ඇතුළු සැකකරුවන් හත්දෙනකු අත්අඩංගුවට ගෙන ඇත.

සංවිධානාත්මක කණ්‌ඩායම සොරාගත් භාණ්‌ඩවල මේ වන විට තක්‌සේරු කර ඇති වටිනාකම රුපියල් කෝටියකට අධික වේ. මෙම කල්ලිය කොළඹ මට්‌ටක්‌කුලිය, කොච්චිකඩේ දක්‌වා සුපිරි වෙළෙඳසල් දාහතකින් කාඩ්පත් මගින් භාණ්‌ඩ ලබාගෙන ඇත.

මේ පිළිබඳ අපරාධ පරීක්‌ෂණ දෙපාර්තමේන්තුව වැඩිදුර පරීක්‌ෂණ සිදුකරයි.
 

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos