ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වූ අභාවප්‍රාප්ත භාරත ලක්‍ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මහතාගේ දියණිය වන හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මෙනවිය මැද කොළඹ ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ ආසන සංවිධායකවරිය ලෙස පත්කෙරෙනු ඇතැයි දැනගන්නට තිබේ. ඊට අදාළ පත්වීමේ ලිපිය ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා අතින් අද (13 දා) දිනයේදී ලබාගනු ඇතැයි ද දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.
ඇය මෙවර බස්‌නාහිර පළාත් සභාවට එක්‌සත් ජනතා නිදහස් සන්ධානයෙන් තරග කිරීමට ද අපේක්‍ෂා කරන බවත් දැනගන්නට තිබේ.