-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More


පෑලියගොඩ පොලිසිය විසින් ඉකුත් සතියේ අනාවරණය කරගත් කන්ටෙනර් සොරකම් කිරීමේ මහා පරිමාණ ජාවාරම මෙරට ඉතිහාසයට එකතු වන්නේ ඒ ආකාරයේ වාහන සම්බන්ධව සිදු වූ විශාලතම සොරකම වශයෙනි. වාහන අංගනවල හෝ පාරවල්වල දින දෙක තුනක්‌ නවතා දමා තිබෙන කන්ටේනර් බක්‌කි සොරාගෙන ගොස්‌ එහි සියලු අංග කුඩා යකඩ කැබලිවලට කපා වෙන්කර විකිණීමේ මේ ජාවාරම පොලිසිය සොයා ගන්නා විටත් එය දීර්ඝ කාලයක සිට කරගෙන එනු ලැබ තිබේ. සාමාන්‍යයෙන් බර වාහන සොරකම් කිරීම සම්බන්ධව පැමිණිලි පොලිස්‌ පොත්වල සටහන් වන්නේ කලාතුරකිනි. නැතිනම් කන්ටේනර් වැනි වාහන සොරකම් කිරීම් සම්බන්ධව පැමිණිලි වාර්තා නොවන තරම්ය. ඒ පරිමාණයෙන් විශාල එවැනි වාහන සාමාන්‍ය වාහනයක්‌ මෙන් සොරකම් කර සඟවා ගෙන තබා ගැනීම අසීරු වන බැවිනි. එසේ බලන විට කන්ටේනර් සොරකම් කිරීමේ මේ මහා ජාවාරම පිටුපස ඇති කතාව සටකපටකම්වලින් පිරුණු එකකි. පෑලියගොඩ පොලිසියේ උකුසු ඇසට මේ ජාවාරම්කරුවන් අසුවන තුරු එය සිදු වූයේ මෙලෙසිනි.

ඉකුත් දෙසැම්බර් 29 වනදා උදෑසනම පෑලියගොඩ පොලිසියට පැමිණෙන පුද්ගලයෙකු තමන්ට අයිති රුපියල් ලක්‍ෂ 23 පමණ වටිනා කන්ටේනර් බක්‌කිය කිසිවෙකු සොරාගෙන ඇති බවට පැමිණිලි කළේය. සොරාගන්නා විට එම කන්ටේනර් රථය තිබි ඇත්තේ පෑලියගොඩ දුටුගැමුණු මාවතේ කන්ටේනර් අංගනය තුළ බව ඔහු වැඩිදුරටත් කීවේය. ඒ ලැබුණු තොරතුරු මත ඒ මොහොතේම ක්‍රියාත්මක වූ පෑලියගොඩ පොලිසියේ අපරාධ අංශයේ ස්‌ථානාධිපති උ. පො. ප. සෞම්‍ය රදලගේ ඇතුළු කණ්‌ඩායම එම ස්‌ථානයට ගොස්‌ සියල්ලන්ගෙන්ම ප්‍රශ්න කළේ කුමක්‌ හෝ හෝඩුවාවක්‌ ලබා ගැනීමේ අරමුණෙනි.

එහිදී පොලිසියෙ සැකයේ යොමු වන්නේ එම ස්‌ථානය ආරක්‍ෂා කර ගැනීමට සිටි මුරකරු කෙරෙහිය. ඔහුගෙන් දීර්ඝ ලෙස ප්‍රශ්න කරන පොලිස්‌ නිලධාරීන්ට ඒ සැකය වෙනත් පැත්තට යොමු වන කට උත්තරයක්‌ ඔහුගේ ප්‍රකාශයකින් කියවිණි. ඒ එදින රාත්‍රියේ සාමාන්‍යයෙන් එවැනි වෙලාවල්වල නොපැමිණෙන කන්ටේනර් රථ රියදුරෙකු අහම්බයෙන් මෙන් පැමිණි බව හා ඊට පසු තමන් පැය භාගයක්‌ පමණ කාලයක්‌ තුළ නිවසට ගොස්‌ පැමිණි බවයි. මේ සොරකම සිදුව ඇත්තේ ඒ කාලය අතරතුර බව ඉන් තවදුරටත් කියෑවිණි.

අපිට ඒ කන්ටේනර් රියදුරු ගැන සැකයක්‌ ඇති වුණේ ඒ කට උත්තරයත් එක්‌ක. ඔහු මාලබේ පැත්තෙ කන්ටේනර් අයිතිකරුවෙක්‌ ලග වැඩ කරන මනුස්‌සයෙක්‌. පොලිසියට ඔහු ප්‍රශ්න කරන්න අවශ්‍යවෙලා ඉන්නකොට තමයි ඒ මනුස්‌සයාම කිසික්‌ නොවුන ගණනකට පහුවදා ඒ ස්‌ථානයට ආවේ. ඒක ඔහු ගැන කාටවත් සැක නොසිතන්න ඔහු කළ උපක්‍රමයක්‌. 

ඒ පෑලියගොඩ අපරාධ අංශයේ ස්‌ථානාධිපති උ. පො.ප. සෞම්‍ය රදලගේය. පෑලියගොඩ පොලිසියේ ස්‌ථානාධිපති සිසිර පෙත්තතන්ත්‍රිගේ උපදෙස්‌ මත ඔහු මෙහෙයුම් ආරම්භ කළ ආකාරය හෙළි කළේ එලෙසිනි.

පොලිසියට අවශ්‍යව සිටි සැකකරුවෙකු පොලිසියේ දොර ළගටම පැමිණීම එක්‌ අතකට වාසනාවකි. ඉන් උපරිම ප්‍රයෝජනගත් පෑලියගොඩ පොලිසිය ඒ සැකකරුගෙන් දීර්ඝ ලෙස ප්‍රශ්න කළේ අපරාධකරුවන් අල්ලා ගැනීමේ පොලිස්‌ නිලධාරීන්ට ඇති සහජ ඉව ඔස්‌සේ කටයුතු කරමිනි.

මුලදී සැකකරු කිසිම දෙයක්‌ කීවේ නෑ. ඒත් අපේ ප්‍රශ්න කිරීම් එක්‌ක මෙයා හැම දෙයක්‌ම එක පෙළට කියාගෙන ගියා. මේ අය පාරවල් අයිනෙ නවත්තල කියන කන්ටේනර් බක්‌කි කාටවත් සැක හිතෙන්නෙ නැති විදියට මැෂින් එකෙන් උස්‌සන් යනවා. අපි ප්‍රශ්න කළ මේ කන්ටේනර් රථ රියදුරු තමයි ඒ වැඩේ කරන්නෙ. ඔහු තමන් වැඩ කරන ලොරියෙන් ගිහින් කාටවත් සැක හිතෙන්නෙ නැති විදියට පාරවල් අයිනෙ නවත්තල තියෙන කන්ටේනර් බක්‌කි ඇදන් එනවා. ඊට පස්‌සෙ ඒවා තවත් තැරව්කාරයෙක්‌ මගින් ගිහින් දාලා තියෙන්නේ මාලඹේ පැත්තෙ යකඩ බඩු විකුණන මුදලාලි කෙනෙක්‌ ලගට. ඔහු ඒ එන කන්ටේනර් බක්‌කිය යකඩ බඩුවලට කපල විකුණනවා. ඔහු මේ යකඩවලින් රුපියල් හතහමාරක්‌ විතර ගන්නවා. කන්ටේනරය සොරාගෙන එන රියෑදුරුට එක කන්ටේනරයකින් රුපියල් 80,000 ක්‌ ලැබිල තියෙනවා. 

මෙච්චර කාලයක්‌ කිසිම ප්‍රශ්නයක්‌ නැතිව මේ ජාවාරම කරගෙන ගිහින් තියෙන්නෙ ඉතා සූක්‍ෂම ලෙස මේ සැකකරුවන් අනුගමනය කළ උපක්‍රමයන් නිසා. ව්‍යාජ ආදායම් බලපත්‍රයක්‌ සහ ව්‍යාජ අංක තහඩුවක්‌ ලග තියාගෙන තමයි මේ අය වැඩේ කරගෙන ගිහින් තියෙන්නේ. ඔවුන් කරන්නෙ පාරෙ නවත්තල තියන කන්ටේනර් බක්‌කියක්‌ ළගට ගිහින් ඒකෙ අංක තහඩුව කඩල අර ව්‍යාජ එක තාවකාලිකව හයිකර ගැනීම ඊට පස්‌සේ බක්‌කිය ඇදන් යනවා. බැරිවේලාවත් පොලිසිය නතර කරල ආදායම් බලපත්‍ර පරීක්‍ෂා කළොත් අර ව්‍යාජ අංක තහඩුවට හදල තියන ආදායම් බලපත්‍රය පෙන්වනවා. එතැනදී කාටවත් සැක හිතෙන්නේ නෑ. ඒ වගේ කන්ටේනර් බක්‌කි කිහිපයක්‌ම කඳාන, වැල්ලම්පිටිය, කිරිබත්ගොඩ ආදී ප්‍රදේශවලින් සොරාගෙන මේ සැකකරුවන් විසින් මාලබේ යකඩ බඩු මුදලාලි ළගට ගිහින් දාලා තියනවා. ඒ ප්‍රදේශවල පොලීසිවලින් මේ ගැන පරීක්‍ෂා කර බලද්දී එවැනි සොරකම් සිදු වී ඇති බව අපි තහවුරු කරගත්තා. ඒ විදියට ටෙලර් රථ පහක්‌ විතර මේ අය යකඩ බඩුවලට කඩල විකුණල තියෙනවා. මෙවයේ වටිනාකම රුපියල් කෝටිය ඉක්‌මවනවා. අපි මේ ජාවාරමේ ප්‍රධාන සැකකරුවන් අත්අඩංගුවට අරන් ඒ අයගේ ප්‍රකාශ ඔස්‌aසේ වැඩිදුර විමර්ශන සිදුකරනවා.

පොලිසිය තව දුරටත් කන්ටේනර් රථ සොරකම් කිරීමේ මේ මහා පරිමාණ ජාවාරම ගැන එලෙස කරුණු හෙළි කළේය. මෙහි රියදුරුකු ලෙස සේවය කරමින් කන්ටේනර් රථ සොරකම් කිරීමේ මූලිකයා වී ඇත්තේ නොච්චියාගම රන්කෙත්ගම පදිංචි 38 හැවිරිදි පුද්ගලයෙකි. විවාහක දෙදෙරු පියකු වන ඔහු පස්‌වන වසරේදී පාසල් ගමන නවතා දැමුවෙකු වන අතර පවුලේ දැඩි ආර්ථික ප්‍රශ්න හේතුවෙන් යහළුවෙකුගේ පෙළඹවීම මත මේ ජාවාරමට යොමු වූ බව පොලිසිය හමුවේ පාපොච්චාරණය කර ඇත.

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos