-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More


නවීන තාක්ෂණයෙන් යුක්ත ජල ප්‍රහාරක රථ හතක් ඉන්දියානු සමාගමක් යටතේ පොලිස් දෙපාර්තමේන්තුව වෙත ගෙන්වා තිබේ. දැනට පවතින ජල ප්‍රහාරක රථ මගින් උද්ඝෝෂකයන්ට එල්ල කරන පීඩනයට වඩා දැඩි පීඩනයක් වැඩි වේග‍යකින් නව ජල ප්‍රහාරක රථ මගින් එල්ල කළ හැකි බව පොලිස් දෙපාර්තමේන්තු ආරංචි මාර්ග පවසයි. බැට්න් හෝ කඳුළු ගෑස් ප්‍රහාර එල්ල නොකර උද්ඝෝෂකයන් පළවා හැරීම දැනට පවතින ජල ප්‍රහාරක රථ මගින් කළ නොහැකි බව පෙනී යාම නිසා මෙම රථ පෙළ ආනයනය කරවා තිබේ. 
ඇතැම් අවස්ථාවල දී උද්ඝෝෂකයන් මාර්ගවලට කොටන් හා යකඩ වැට ආදිය ඇද දමන අතර මෙම රථවලට ඒවා දෙපසට විසිකර දමමින් ඉදිරියට ගමන් කිරීමේ හැකියාව ඇත. ඒ වගේම උද්ඝෝෂකයන් විසින් මෙවැනි රථයකට ගිනි තැබුවහොත් එම ගින්න නිවා දමන ජලධාරා ස්වයංක්‍රීය ආකාරයෙන් රථය වටා ක්‍රියාත්මක කළ හැකි බවත් ආරංචි මාර්ග සඳහන් කරයි. 
මෙම රථ පරිහරණය කළ හැකි ආකාරය කොට්ඨාශ මට්ටමින් පොලිස් නිලධාරීන්ට කියා දීමේ අභ්‍යාස වැඩමුළු තිඹිරිගස්යාය ක්ෂේත්‍ර බලකා මූලස්ථානයේ දී පසුගියදා සිදු කෙරුණ බවත් එම ආරංචි මාර්ග වැඩිදුරටත් පවසයි

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos