එජාප දෙපිරිසක් අතර පසුගියදා මාතර නගරයේදී සිදුවූ ගැටුම සම්බන්ධයෙන් පාක්ෂිකයින් කුපිත කරවන මාධ්‍ය භාවිතයක යෙදුණු බවට චෝදනා කරමින් මන්ත්‍රී මංගල සමරවීර මහතා අධිකරණයට ඉදිරිපත් කරන ලද පෙත්සම සම්බන්ධයෙන් කරුණු දැක්වීමට මහාරාජා සමූහ ව්‍යාපාරයේ සභාපති රාජා මහේන්ද්‍රන් (කිලී මහරාජා) මහතා ලබන 11 වන දින මාතර මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ පෙනී සිටීම අනවශ්‍ය යයි නිගමනය කර තිබේ.
කෙසේ වෙතත් අදාල චෝදනා සම්බන්ධයෙන් ඇඟනොබැඳීමට අධිකරණය ඉදිරියේ කරුණු දක්වන ලෙස රාජා මහේන්ද්‍රන් මහතාට පසුගිය මස 25 වැනිදා මාතර මහේස්ත්‍රාත් අධිකරණය නොතීසි නිකුත් කර තිබිණ.