ලබන 2014 මාර්තු මාසයේ පැවැත්වීමට නියමිත ජිනීවා මානව හිමිකම් සමුළුවට එළිදැක්වීම ඉලක්ක කරමින් චැනල් 4 රූපවාහිනී නාලිකාවේ චිත්‍රපට අධ්‍යක්ෂක කැලම් මැක්රේ විසින් තවත් වාර්තා චිත්‍රපටයක් අධ්‍යක්ෂණය කිරීම ආරම්භ කර ඇති බව වාර්තා වේ.
ලබන මාර්තු මාසයේදී පැවැත්වෙන මානව හිමිකම් සමුළුවේදී ඇමෙරිකාව, කැනඩාව හා බි්රතාන්ය විසින් ශ්‍රී ලංකාවට එරෙහිව යෝජනාවක් ඉදිරිපත් කිරීමේ සැලසුමක් පවතින බවත් බි්රතාන්ය මෙහිදී මූලිකත්වය ගෙන කටයුතු කරන බවටත් විදේශ මාධ්‍ය අනාවරණය කරයි.
මැක්රේ නව වාර්තා චිත්‍රපටයක් අධ්‍යක්ෂණය කිරීමට සූදානම් කර තිබෙන්නේද එම පසුබිම යටතේ දීය.
මැක්රේ විසින් මීට ඉහතදී ශ්‍රී ලංකා හමුදාව යුද අපරාධ සිදු කරන බවට චෝදනා කර චිත්‍රපට තුනක් අධ්‍යක්ෂණය කළේය.