පානදුර නගරය ආශ්‍රිතව ත්‍රීරෝද රථ මගින් කර ගෙන ගිය ජංගම ගණිකා ව්‍යාපාරයක් වැටලූ පානදුර වලාන දූෂණ මර්ධන ඒකකයේ නිලධාරීන් ඊට සම්බන්ධ කාන්තාවන් පස් දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත. මෙසේ අත්අඩංගුවට පත්ව ඇත්තේ තරුණියන් තිදෙනෙකු සහ ඊට අනුබල දුන් බව කියන එම ව්‍යාපාරය පවත්වාගෙන ගිය කාන්තාවන් දෙදෙනෙකි. මොවුන් වයස අවුරුදු 19,21,25 පසු වන වීරවිල, නාගොඩ,කඩුවෙල ප්‍රදේශවල පදිංචිකාරිනියන් බව පොලිසිය පවසයි.
ජංගම දුරකථන හරහා ලැබෙන ඇමතුම් ඔස්සේ ත්‍රීරෝද රථ වලින් අවශ්‍ය ස්ථාන වලට කාන්තාවන් සැපයෙන බව පරීක්ෂණ වලදී අනාවරණය වී ඇත. එම කාන්තාවන් පානදුර අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණ.