යුද හමුදාවෙන් පලා ගිය කාන්තා සෙබළියන් දෙදෙනෙකු ඉමදුව පොලිසිය මගින් අද අත්අඩංගුවට ගෙන තිබේ.
ඉමදුව, මැවැල්ල, ගොඩඋඩ නිවසක පිරිමි වෙස් ගෙන සිටියදී මොවුන් අත්අඩංගුවට ගැනිණ. කාන්තාවක් පමණක් පදිංචිව සිටින නිවසක කාමරයක් මෙම සෙබලියෝ බද්දට ගෙන මාසයකට රුපියල් දෙදහස් පන්සියක් බදුකුලිය ලෙස ගෙවා තිබෙන බව පොලිසිය කළ මුලික පොලිස් පරික්ෂණවල දී අනාවරණය වී ඇතැයි පොලිසිය පවසයි.
එක් සෙබලියක් නිවසේ කාමරයේ සිටින අතර අනෙක් සෙබලිය ප‍්‍රදේශයේ කුලී වැඩ කිරීම, තීන්ත ආලේප කිරීම, තේ හා කුරුඳු හේන්වල වැඩ කර තිබේ. කාන්තාවක් වශයෙන් පෙනුමෙන් හා බාහිර ස්වරූපයෙන් හඳුනාගත නොහැකි බව පොලිසිය කියයි. සෙසු පුද්ගලයන්ට පිරිමි පුද්ගලයන් සේ පෙනෙන අයුරින් කටයුතු කර ඇත.
මෙම සෙබලියන් දෙදෙනා කෝදාගොඩ හා දික්වැල්ල ප‍්‍රදේශවල කාන්තාවෝ දෙදෙනෙකි. මෙම සෙබලියන් ආරක්ෂක අංශයෙන් පැනවිත් මේ ආකාරයට කාන්තාවක් පමණක් සිටින නිවසක මේ ආකාරයට කාමරයක් බදුගෙන වාසය කළේ ඇයිද යන්න පිළිබඳව පොලිසිය කරුණු අනාවරණය කරමින් සිටිති.