ශ්‍රී ලංකා ඖෂධ අධිකාරිය විසින් 2012 වසරේදී තහනමට ලක් කරන ලද ඉන්දියාවෙන් මෙරටට ගෙන්වූ අතුරු ආබාධ සහිත එන්නත් ඖෂධ වර්ග 7ක් මේ වන විට රාජ්‍ය හා පෞද්ගලික රෝහල්වල බහුල වශයෙන් භාවිතයට ගනිමින් තිබෙන බවට අනාවරණය වී තිබේ.
Ceftazidime INJ, Cloxaacillin Sodium 2013 INJ, Ifosfamide INJ 2013, Amoxillin and 2012, Clavulante INJ, Sulbactam and 2013, Cefoperazone INJ, Amoxycillin and 2012 Potasium INJ, Ceftazidime INJ 2012 යන ඖෂධ එන්නත් වර්ග සියල්ල මෙසේ නැවැත මෙරටට ගෙන්වීමට ශ්‍රී ලංකාවේ නාවල පිහිටි පෞද්ගලික ඖෂධ සමාගමක් කටයුතු කරන බවටත්, එම සමාගම මෙරටේ ඉන්දීය සමාගමේ නියෝජිත ආයතනයක් බවට කටයුතු කරන බවත් රජයේ වෛද්‍යවරුන්ගේ සංගමයේ අභ්‍යන්තර ආරංචි මාර්ග පැවැසීය.
අසාදුගත ලේඛනයේ සඳහන් මේ එන්නත් ඖෂධ නැවැත මෙරටට ගෙන්වීම සඳහා අවසර ලැබුණේ කෙසේද යන්න ගැටලුවක්ව පවතින බවත්, අසාදුගත කළ එම ඖෂධ නැවැත ලියාපදිංචි කිරීමට ඖෂධ අධිකාරිය ක්‍රියා කෙළේ කාගේ නියමයෙන්ද යන වග රජයේ වෛද්‍ය නිලධාරීන්ට බරපතළ ගැටලුවක්ව පවතී.
තහනම් කරනු ලැබූ මේ එන්නත්ඖෂධ වර්ග සියල්ල නැවත මෙරටට ගෙන්වීම සඳහා ඉන්දීය සමාගමට අයත් මෙරටේ පෞද්ගලික නියෝජිත ආයතනය ඉතා රහසිගතව අල්ලස් මුදල් ලබා දෙමින් එම එන්නත් නැවත ලියාපදිංචි කරගැනීමට පියවර ගෙන ඇති බවද එම ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කරයි.