-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More

රුපියල් ලක්ෂ හතක කොන්ත්‍රාතුවක් දී සොයුරියන් දෙදෙනා හා මස්සිනා මරා දැමීමට තැත් කළ බව කියන පුද්ගලයෙකු හා එම ඝාතනය සිදු නොකිරීමට යැයි කියා රුපියල් ලක්ෂ තුනක කප්පම් ඉල්ලූ මැර කල්ලියේ සාමාජිකයකු පෙරේදා (5) කළුතර කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය මගින් අත්අඩංගුවට ගෙන ඇත. ඝාතන කොන්ත්‍රාත්තුව දුන් බව කියන සැකකරු සියඹලාණ්ඩුව 3 කණුව ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. අත්අඩංගුවට ගත් කප්පම් කල්ලියේ සාමාජිකයා යුද හමුදාවෙන් පැන ආ සෙබළෙකු වන අතර ඔහු ඇඹිලිපිටිය කොළඹගේආර ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බවත් දැනට මග්ගොන මුංහේන ප්‍රදේශයේ පදිංචිව සිටින බවත් හෙළි වී ඇත. ඝාතන කොන්ත්‍රාත්තුව දුන් බව කියන සැකකරු පයාගල ඈතගම ගාලු පාරේ පිහිටි හෝටලයක් භාරව කලින් කටයුතු කළ අයෙකි. 
මෙම හෝටලයේ අයිතිකාරිය සැකකරුගේ සොහොයුරිය වන අතර ඇය ප්‍රංශ ජාතික ‍පොලිස් නිලධාරියෙකු සමග විවාහ වී දැනට ප්‍රංශයේ පදිංචිව සිටියි.දෙමාපියන් මිය ගිය පසු සහෝදර සහෝදරියන් අට දෙනා රැක බලාගෙන ඔවුන්ට සැපවත් ජීවිතයක් ගත කිරීමට කටයුතු යොදා ඇත්තේ ඇය බව අනාවරණය වී ඇත. 
ඇය සැකකාර සොහොයුරාව වයස අවුරුදු 5 සිට රැකබලාගෙන ඇති අතර  ත්‍රිරෝද රථයක්, යතුරු පැදියක් මිලට ගෙන දී නිවසක්ද තනාදී ඔහුගේ විවාහ මංගල්‍යයද තම වියදමින් කරදී හෝටලය බලාගන්නවාට මසකට රුපියල් පනස් දහසක වැටුපක්ද ගෙවා ඇතැයිද රුපියල් ලක්ෂ දෙකක් වැය කර ඔහුට සූපවේදී පාඨමාලාවක් හැදැරීමටත් අවස්ථාවක් දී ඇතැයිද හෙළිදරව් වී ඇත. එම සැකකරු විවාහ වී සිටිනුයේ ජාතික සිවිල් ආරක්ෂක බළකායේ නිලධාරියකු සමග බවද හෙළිවී තිබේ. 
 සැකකරු හෝටලයේ ආදායම අනිසි ලෙස පරිහරණය කරන බවට හෝටලය හිමි සොයුරියට දැනුණු හෙයින් ඇය හෝටලයේ භාරකාරත්වය සැකකාර සොහොයුරුගෙන් ඉවත්කර තවත් සොහොයුරියකට හා ඇගේ සැමියාට පවරා ඇත. 
 සැකකරු සොයුරියන් දෙදෙනා සහ මස්සිනා සමග වෛර බැඳ ඇත්තේ ඉන් පසුවය. 
 සහෝදරියෝ දෙදෙනා සහ මස්සිනා ඝාතනය කරවා හෝටලයේ අයිතිය තමාට ලබා ගැනීමට සිතු සැකකරු ඒ සඳහා රුපියල් ලක්ෂ හතක මුදලක් තිදෙනකුට දී තිබේ. 
 තිදෙනෙකු ඝාතනය කිරීමට රුපියල් ලක්ෂ හතක මුදලක් ප්‍රමාණවත් නොවන බව කල්පනා කළ ඝාතන කොන්ත්‍රාතුව භාරගත් තිදෙනා මින් තවත් මුදලක් සොයා ගැනීමට සිතූහ. 
 ඒ අනුව හෝටලයේ භාරකාර යුවළට දුරකථනයෙන් කතා කර ඔවුන් මරා දැමීම සඳහා කොන්ත්‍රාතුවක් ලැබි ඇති බවත් මරා නොදැමීමට නම් රුපියල් ලක්ෂ තුනක කප්පම් මුදලක් අවශ්‍ය බව ඝාතන කොන්ත්‍රාත්තුව භාරගත් තිදෙනා පවසා ඇත. 
 සැකකරුවන්ගේ අරමුණ වී ඇත්තේ කප්පම් මුදලක් ගෙන ඝාතනය සිදු කිරීමට බව ‍පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී තිබේ. 
 හෝටලයේ නව භාරකාර යුවළ තමන්ගෙන් පුද්ගලයෙකු කප්පම් ඉල්ලන බවට පයාගල ‍පොලීසියට පැමිණිල්ලක් කර තිබුණි. 
 කළුතර කොට්ඨාස භාර ‍පොලිස් අධිකාරී රොෂාන් ද සිල්වා මහතා මේ පිළිබඳව පරීක්ෂණ පැවැත්වීමට කළුතර කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකයට භාර කළේය. 
 ඒ අනුව කළ සැලසුමකට අනුව පෙරේදා (05) කප්පම් මුදල් රැගෙන  යාම සඳහා හෝටලයට පැමිණි සැකකරු සැඟවී සිටි ‍පොලිස් නිලධාරීන් විසින් අත්අඩංගුවට ගන්නා ලදී. 
ඔහුගෙන් ලද තොරතුරු අනුව මෙම ඝාතන කොන්ත්‍රාතුව දුන් පුද්ගලයා අත්අඩංගුවට ගැනීමට ‍පොලීසිය සමත් විය. 
මෙම සැකකරුවන් ළඟ තිබි රුපියල් ලක්ෂ තුනක මුදල් මෙන් සැකසූ කඩදාසි පාර්සලයද රම්බෝ වර්ගයේ පිහියක්ද ජංගම දුරකථන 3ක්ද අත්අඩංගුවට ගෙන තිබේ. 
 සැකකරුවන් තිදෙනා ඊයේ (06) කළුතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව සිටි අතර තවත් සැකකරුවන් දෙදෙනකු අත්අඩංගුවට ගැනීමට ‍පොලීසිය පරීක්ෂණ පවත්වයි. 
බස්නාහිර උතුර නියෝජ්‍ය ‍පොලිස්පති සුමිත් එදිරිසිංහ සහ කළුතර කොට්ඨාස භාර ‍පොලිස් අධිකාරී රොෂාන් ද සිල්වා යන මහත්වරුන්ය. උපදෙස් මත කළුතර කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකයේ ස්ථානාධිපති උප ‍පොලිස් පරීක්ෂක සමන් ශ්‍රී පද්මලාල්, පයාගල ‍පොලීසියේ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති උප ‍පොලිස් පරීක්ෂක ධම්මික, සැරයන් වරුන්වන වීරසේන (55202), දයාසේන (26019), ජවන්ත (17668), ගුණවර්ධන (4492), කොස්තාපල්වරුන් වන සරත් (16269), විතාන (55063), සමීර (74503), මුණසිංහ (50880), හා ගමගේ (80169) යන මහත්වරු මේ පිළිබඳව වැඩිදුර පරීක්ෂණ පවත්වති.

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos