ගාළු මුවදොර පිටියට මුහුණලා මුහුද ගොඩ කර ඉදිකිරීමට නියමිත හෙක්ටයාර් 233ක් වූ කොළඹ නව වරාය නගර ව්‍යාපෘතියේ මෝටර් රථ ධාවන පථයක්ද නිර්මාණය කිරීමට නියමිතය.
මේ සම්බන්දයෙන් වන ඉදිරිපත්ව ඇති කැබිනට් පත‍්‍රිකාවේ සඳහන් වන්නේ යෝජිත නගරයේ සුඛෝපභෝගී හෝටල්, නිවාස සංකීර්ණ, නවීනතම කාර්යාල, රුවල් නැවු මධ්‍යස්ථාන හා ධාවන පථවලින් සමන්විත බවයි.
කෙසේ වෙතත් මෙම ධාවන පථ සම්බන්ධයෙන් අදහස් පල කරමින් වරාය අධිකාරියේ සභාපති බන්දු ල‍්‍රියත් වික‍්‍රම සඳහන් කරන්නේ ඒවා තරඟ සඳහාම සීමා වී නොමැති බවත් වාහන ගමනාගමනය සඳහාද යොදා ගත හැකි බවත්ය.
මෙම ව්‍යාපෘතිය සී/ස චයිනා කොමියුනිකේෂන් කන්ස්ට‍්‍රක්ෂන් විසින් ඉදිකිරීමට නියමිත අතර ඩොලර් මිලියන 1337ක් මේ සඳහා පිරිවැය ලෙස ඇස්තමේන්තුත කර තිබේ.