අතුරුදන් යැයි පවසා පොලිසිය නොමඟ යැවීමට කටයුතු කළ යාපනය, පේදුරුතුඩුව ප්‍රදේශයේ තරුණයකු මුලතිව් ප්‍රදේශයේ මිතුරකුගේ නිවෙසේ සැඟවී සිටියදී අත්අඩංගුවට ගත් බව යාපනය පේදුරුතුඩුව පොලිසිය පවසයි.
පේදුරුතුඩුව ප්‍රදේශයේ පදිංචි 22 හැවිරිදි අදාළ තරුණයා පසුගිය 26 වැනිදා සිට අතුරුදන් වී ඇති බවට තරුණයාගේ පියා විසින් පේදුරුතුඩුව පොලිසිය වෙත කළ පැමිණිල්ලක් අනුව සිදු කළ පරීක්ෂණයක් අනුව අදාළ තරුණයා පසුගිය 26 වැනිදා මුලතිව් ප්‍රදේඔයේ මිතුරකුගේ නිවසක සැඟවී සිටියදී අත්අඩංගුවට ගත් බව පේදුරුතුඩුව පොලිසිය පැවැසීය.
තම ජීවිතයට තර්ජනයක් ඇති බව බවසා ඕස්ට්‍රේලියාවේ පුරවැසිභාවය ලබා ගැනීමට සිටින බවට අදාළ තරුණයා බොරු රඟපෑමක් සිදුකොට ඇති බව පොලිස් පරීක්ෂණ මඟින් අනාවරණය කොටගෙන ඇත.
පොලිසිය නොමඟ යැවීමේ වරද යටතේ අදාළ තරුණයා අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත බැව්ද පේදුරුතුඩුව පොලිසිය පැවැසීය.
යාපනය, පේදුරුතුඩුව පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.